වසර 5 ට හතර දෙනෙක් සමග පවුල් කෑ කාමුක තරුණියගේ ඉරණම
පිහිපහරින් මියගිය දෙදරු මවගේ කතාව
''දුවට කොච්චර අවවාද කළත් එයාගේ හිතුවක්කාර ගති පැවතුම් අත්හැරියේ නැහැ. පස්සේ බැරිම තැන එයාට මේ ගෙදරටවත් එන්න එපා කියලා තහනම් කළා. පුතත් එයාට කිව්වා අක්කේ අපිට ලැඡ්ජා කරන්න මෙහේ එන්න එපා කියලා. අපි කියන දේ ඇහුව නම් එයාට මෙහෙම විපතක් වෙන්නේ නැහැ.''
යොවුන් වියේදීම තම නොහික්මුණු ආශාවන් පසුපස හඹාගොස් පිහිපහර කිහිපයකින් ජීවන ඉරණම අවාසනාවන්ත ලෙස කෙලවර කරගත් තරුණියකගේ වියෝවෙන් හඬා වැටෙන මවක් එසේ වැළපුණාය.
මිල්ලනිය රද්දේගොඩ පදිංචි අරුමාදුර දේවිකා ගීතාංජලී සිල්වා නමැති 23 හැවිරිදි දෙදරු මවක් එසේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.
මිල්ලනිය පොලිස් බල ප්‍රදේශයට අයත් රද්දේගොඩ පදිංචි ඒ. අමරසේන සිල්වා (අවු( 71) සහ කේ. පද්මාවති (අවු( 54) නම්වූ දුප්පත් දෙමාපියන්ට දාව උපන් දරු දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වූ දේවිකා ඉගෙනීමට දක්ෂ දරුවකු වූ බවත් ඇය 13 වසර දක්වා හොඳින් අධ්‍යාපනය හැදෑරූ බවත්, ඇයගේ මව අප හා කීවාය.
වයස අවුරුදු 18 දී කොලමැදිරිය පනාපේ පදිංචි ගයාන් නමැත්තකු සමග විවාහ වී ඇති ඇය, එම විවාහයෙන් මවක වූවාය. ඇයට ලද දියණියගේ දැන් වයස අවු( 31/2 කි.
දියණිය ලැබී කෙටි කලකින් එම විවාහය දෙදරා ගියේය. ඇය සිය දියණියද කැටුව දෙමාපියන් විසූ නිවසට පැමිණියාය. දියණිය සිය දෙමාපියන්ගේ සෙවණේ හැදුණු වැඩුණු අතර දේවිකා, ඒ අතරවාරයේ පැල්පොල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු සමග අනියම් පෙමක පැටලී තිබේ. එම අනියම් සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඇය නැවත ගැබ්ගෙන ඇති අතර දෙමාපියන්ගේ නිවස ඇයට තහනම් කලාපයක් බවට පත්වූයේ මේ අතරවාරයේ දීය.
ඇයට ලැබුණු දෙවැනි දරුවා හදා වඩා ගැනීම සඳහා රෝහලේදීම වෙනත් පාර්ශ්වයකට භාරදී ඇති ඇය, එම සම්බන්ධතාවයද හැර දමා ඇයට වඩා වයසින් බාල තරුණයකු වූ කිව්මන්තුඩාවේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග පවුල් දිවියක් අරඹා තිබේ.
සතිෂ් නම් එම තරුණයා ඇයට බෙහෙවින් ආදරය කළද වැඩි දවසක් යැමට මත්තෙන් ඇය තවත් අනියම් ඇසුරක පැටලීම හේතුවෙන් දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවීමට පටන්ගෙන තිබේ. පහරදීම් දක්වා දුරදිග ගිය අඬදබර මිල්ලනිය පොලිසියට යොමුවූ අතර ඇයට පහරදීමේ චෝදනාව මත සතිෂ්ට මිල්ලනිය පොලිස් කූඩුවේ ලැගීමටද සිදුවිය.
මිල්ලනිය පොලිස් ස්ථානාධිපති මෙම අවස්ථාවේදී දෙදෙනා සමගි සමාදානයෙන් එක්කිරීමට බොහෝ වෙහෙසක් ගනු ලැබුවද ඒ සියල්ල නිශ්ඵල ව්‍යායාමයක් වූ බව ඝාතනයෙන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
ඉකුත් සැප්තැම්බර් 22 දා පොලිස් ඇප මත මුදාහැරුණු සතිෂ් රෑ බෝවූවාට පසු දේවිකා සොයාගෙන ඇගේ නිවසට ගොස් සැඟව සිට දේවිකාට පිහි පහර කීපයක් එල්ලකර තිබේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දේවිකා හොරණ රෝහලට ඇතුළත් කෙරුණු අතර එතැන් සිට දැඩි සත්කාර ඒකකයේ මාසයක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළී සිටි ඇය අවසානයේ මරුවාට පරාජය විය.
ඉකුත් 26 වැනිදා ඇයගේ දේහය පරගස්තොට පොදු සුසාන භූමියේදි මිහිදන් විණි.
බණ්ඩාරගම - ආර්. ගුණරත්න