මගුල් ගෙදරදී මනාලයා මනාලියගේ ඛෙල්ල මිරිකයි


මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකදී මනාලයා මානාලියගේ ගෙල මිරිකා පහරදීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි’ මේ සිද්ධ්යට ලක්වූ 21 හැවරිදි මනාලිය වෛදය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටී’

ඉකුත් 07 වැනි දින මංගල උත්සවය පවත්වා ඇති අතර එහිදී මානාලිය සංගීතයට අනුව රංගනයක නිරතවීමට මනාලයාට ආරාධනා කර තිබේ’ උත්සවය ආරම්භයේ සිටම ඡායාරූපවලට පෙනී සිටීමත්’ පෝරුවට නැගීමටත් තරමක අකමැත්තක් පෙන්වූ බව කියන මනාලයා මානාලිය කළ අරාධනයෙන් කෝපයට පත්වී ඇයට පහර දී ඇගේ ගෙල මිරිකා ඇත’ මංගල උත්සවයට සහභාගිවූ විශාල පිරිසක් එය දැක තිඛෙන අතර සිද්ධිය දුටු මනාලියගේ මව ක්ලාන්ත වී ඇත’ මේ සිද්ධියෙන් පසුව මනාලිය මධුසමය ගත කිරීම පසෙක තබා මංගල ඇදුම පිටින්ම ඥාතීන් සමග කඹුරුපිටිය පොලීසියට ගොස් මේ පිළිබදව පැමිණිලි කර සිය නිවෙසට ගොස් ඇත’
ගෙල මිරිකීම නිසා ඇතිවූ අසනීප තත්වයක් මත ඇය පෙරේදා සවස මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ’ මංගල යෝජනාවට අනුව විවාහ වූ ඒ දෙදෙනාගේ දෙවැනි ගමන සාදය මහනුවර හෝටලයකදී ඊයේ (09) පැවැත්වීමට නියමිතව තිබූ අතර’ ඒ සදහා මනාලිය කැදවාගෙන යාමට මානාලයා නීතිඥයකු සමග ඊයේ උදෑසන මාතර මහ රෝහලට පැමිණි අවස්ථාවේ එහි උණූසුම් තත්වයක්ද ඇති විය’

මනාලිය ඔහු සමග යාම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තත්වය උද්ගතවූ අතර වහා ක්‍රියාත්මක වූ මාතර රෝහල් පොලීසිය වාට්ටුවට ගොස් එම තත්වය පාලනය කර ඇත’ මේ අතර මනාලයා ද මානාලියට එරෙහිව වැලිගම මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත’ මෙම ආරවුල විසදීම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය වෙත පවරා ඇත