තලවකැලේ පොලිසියට රනිල් වික්‍රමසිංහ බ්ලූ බලා මාට්ටු ඇප දෙන්න මෛත්‍රිපාල එයි

තලවකැලේ දුම්රිය ස්ථානය අසල ජංගම දුරකතනයකින් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් නරඹමින් සිටි රත්නවීර පටබැඳිලාගේ රනිල් වික්‍රමසිංහ නමැති තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට පොලිස් ඇප ලබා දීමට ඔහුගේ පියා වන ආර්. පී. මෛත්‍රිපාල නමැති
 අයකු පැමිණ ඇතැයි පොලිසිය කියයි.



මෙම සිද්ධිය පසුගිය 19 වැනිදා සිදුවී ඇත. දිවා කාලයේ මෙහෙයුමක නිරතව සිට ඇති සංචාරක පොලිස් නිලධාරියකු මෙම තරුණයා තලවකැලේ දුම්රිය ස්ථානය අසල හිඳිමින් ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශන නරඹනු දැක අත්අඩංගුවට ගෙන තිබිණි.

21 හැවිරිදි මෙම තරුණයා ලිඳුල, තලවකැලේ ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.
මේ පිළිබඳව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන දයාරත්න (12677), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (86636), උඩුවක (83854) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

නුගේගොඩ - ප්‍රසන්න ප්‍රියදර්ශන, බොරලැස්ගමුව = තිසීන්ද්‍ර පතිරණ - උපුටා ගැනීම මව්බිම පුවත් පතින්  


Comments