රත්නපුර රෝහලේ විස්මිත සැත්කමක්


ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් 02ක් පමණ ඉහළ මහබඩවැලේ වර්ධනයවූ පිළිකා සෛලයක් ශල්‍ය කර්මයකින් ගුදමාර්ගයට හා එහි ක‍්‍රියාකාරිත්වයට හානි නොවන සේ ඉවත් කළ විස්මිත සැත්කමක් රත්නපුර මහ රෝහලදී සිදුවිය.
පිළිකා  ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා ප‍්‍රධාන රත්නපුර මහ රෝහල් පිළිකා රෝග ඒකකයේ වෛද්‍යවරුන් වන ප‍්‍රසාද්,  සංජීව,  සාලිය සහ නිර්වින්දන රෝග විශේෂඥ වෛද්‍ය රණවීර ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ සහභාගිත්වයෙන් හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේද සහායෙන් විවාහකයක් (58) මේ සැත්කමට ලක් විය.
නවීන වෛද්‍ය තාක්‍ෂණික කැමරා මගින් පරීක්‍ෂාකර එම පුද්ගලයාගේ මහ බඩවැලේ පිළිකා සෛල සහිත කොටස ඉවතට ගෙන පිළිකා සෛල ඉවත්කර නැවත යථා පරිදි සකස් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. ‘‘ගුදමාර්ගය ඉවත් කිරීමට සිදුවන්නේ නෑ.  මේ ක‍්‍රමය ප‍්‍රංශය ජපානය වැනි රටවල සිදුවෙනවා. ලංකාවේ බොහෝවිට මේ සැත්කමදී පැරණි ක‍්‍රමය අනුව ගුද මාර්ගයේ සිට සෙන්ටීමීටර් 10 ක් ඇතුළට මහ බඩවැලේ පිළිකා සෛල ඉවත් කිරීමේදී ඒ සමඟ  ගුද මාර්ගයද ඉවත්කර ඒ වෙනුවට බෑගයක් සවිකළා.
නව ක‍්‍රමය නිසා සියයට අනූවක් රෝගීන්ට බෑග් අවශ්‍ය වන්නේ නැහැ“
 පැරණි ක‍්‍රමයේ එවැනි ශල්‍ය කර්මයක් සඳහා රුපියල් ලක්‍ෂයක් පමණ වැයවෙයි. ගුද මාර්ගය ආසන්නව පිළිකා ඉවත් කිරීම සැත්කම් ලංකාවේ රෝහල්වල ප‍්‍රචලිත කරන්නේ නම් එය මුදල් ඉතිරි කරගත හැකි ලාභදායී වඩාත් පහසු ක‍්‍රමයකි.

Comments