අවුරුදු 8ක දැරිය දූෂණය කර මරාදමලා
40 හැවිරිදි පුද්ගලයෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 08 හැවිරිදි දැරියක් දුෂණය කර පසුව එම දැරිය ඝාතනය කර තිබේ.
දැරිය ඝාතනය කිරීමෙන් පසු ඇයගේ සිරුර බෑගයක් තුළට දමා සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
කාත්තන්කුඩි, මන්ජන්තුඩුවා, ජින්නා පාරේ පදිංචි එම්.ආර් සහබ්දීන් ෆාතිමා සීමා නැමැති දැරිය මෙලෙස ඝාතනය කර තිබේ.
ඊයේ හවස මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය සැලවීමෙන් පසු පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Comments