බිරිඳව ගැට ගසා ඇගේ ළාබාල නැගණියව දූෂණය කරලා.

තම බිරිදව ගැට ගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණියව දුෂණය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව -පෙරමාකුත්තුව පදිංචිකරුවෙකුවය.28 හැවිරිදි සැකකරු දෙදරු පියෙකු බව පොලීසිය කියයි.
තමන්ව ගැට ගසා දමා තම නැගණියව සැකකාර සැමියා විසින් බලහත්කාරයෙන් දුෂණය කළ බව සැකකරුගේ බිරිද ආණමඩුව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීට පෙර අවස්ථා වලදී මෙම දැරියකට අතවර කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ආණමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එන්.ප්‍රියලාල් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Comments