අනියම් ඇසුර එලිවී දුම්රියට පැනලා


බිරියගේ බාලවයස්කාර නැගණිය සමග ඇතිකරගත් අනියම් සබදතාවයක් සාක්ෂි සමගම බිරිද අතට පත්වීම හේතුවෙන් ලැජ්ජාවට පත්වු සැමියකු ඉකුත්දා කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වු දුම්රියකට පැන දිවිතොර කර ගැනීමේ පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය’

කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වු දුම්රියට පැන බරපතළ ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුයේ යාය 13 පදවිය සිංහපුර ලිපිනයේ මීට පෙර පදිංචිව සිටි වරාගොඩ තලාව ලිපිනයේ පදිංචිව සිටි ආර්’එම් චමින්ද රත්නායක (26) දෙදරු පියායි’
මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ බිරිය වු බෝපිටියගේ ධම්මිකා කුමාරි (25) මහත්මිය සාක්ෂි ලබා දුන් අතර ඇය එහිදී කියා සිටියේ මියගිය සැමියා සිය නැගණියත් සමග අනියම් සබදතාවයක් පවත්වා ඇති බවයි’ ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සිද්ධිය සිදුවු දිනට පෙර දිනයේ සිය සැමියා සහෝදරියත් සමග අනියම් අඹුසැමියන් ලෙස ඇසුරක් පවත්වා ඇති බවයි’

එම ඇසුර සැමියා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බවත්” තමන්ගේ රෙදි දමා තිබු අල්මාරියේ තිබී සැමියාගේ ජංගම දුරකථනය හමුවු බවත් එය පරීක්ෂාවට ලක් කරද්දී විනාඩි 03 තත්පර 15 ක කාලයක් අදාළ සිද්ධිය පටිගත වී තිබු බවයි’ මේ සම්බන්ධයෙන් සැමියාගෙන් විමසු අවස්ථාවේ තමන් සමග බහින් බස්වීමක් ඇතිකරගෙන ගෙලට පිහියක් තබා තම භාරයේ තිබු ජංගම දුරකතනය ඉල්ලාගෙන අදාළ දර්ශන මකා දැමීමට කටයුතු කළ බවයි’ ඉන් පසුව ඔහු ගෙල වැලලා ගැනීමට උත්සහ කල බවයි’ පසුව ඉගුරුවැව තිරප්පනය හංදිය දුම්රිය හරස් මාර්ගය අසලදී සැමියා දුම්රියට පැන දිවිනසාගෙන ඇති බව ආරංචි වු බව ඇය හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණි

මරණය සම්බන්ධයෙන් දුම්රියේ රියදුරා මියගිය පුද්ගලයාගේ ඥාතීන් ” සාක්ෂි ලබා දී තිබු අතර හදිසි මරණ පරීක්ෂණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක එච්’එම් කුලසේකර මහතා විසින් පවත්වනු ලැබීය’ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්’එම්’එච්’එම්’කේ සේනානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය’