“දරුවයි මායි ගෙනිච්චේ ඇයි කියලා තවම දන්නේ නෑ “
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකුගේ පුත්රයෙකු ඇතුළු පිරිසක් විසින් මෝටර රථයක නංවාගෙන පැහැරගෙන යමින් සිටි බව කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකු සහ ඔහුගේ මව ගනේවත්ත, කැකුළාවල ප්රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් විසින් ඊයේ ( 21)දහවල් එම ප්රදේශයේදී මුදවා ගනු ලැබූහ.
කැකුලාවල ප්රදේශවාසීන් විසින් මෙලෙස මුදවාගනු ලැබුවේ අදාළ මන්ත්රී පුත්රයා ඇතුළු පිරිස විසින් පැහැරගෙන යමින් සිටි බව කියන පොල්පිතිගම, ගාලේවැව ප්රදේශයේ පදිංචි දම්සර දෙනුවන් විකුම් ශ්රී නැමැති වයස අවුරුදු තුන හමාරක දරුවෙකු සහ එස්. ඩබ්ලිව්. එම්. නදීකා නිල්මිණි නානායක්කාර නැමැති තිස් හැවිරිදි ඔහුගේ මවය.
තමා සහ දරුවා පැහැරගත් පිරිසගෙන් මිදී පලායෑම සදහා ඔවුන් සම`ග පොරබැදීමේදී කකුල්වලට සිදු වූ බව කියන තුවාල සහිතව පොල්පිතිගම දිසා රෝහලේ ප්රතිකාර ලබමින් පසුවන නදීකා නිල්මිණි නානායක්කාර මහත්මිය තමා මුහුණ දුන් අත්දැකීම පිළිබදව මෙසේ විස්තර කළාය.
” ඊයේ දවල් එකොළහ හමාරට විතර පුතා මිදුලේ සෙල්ලම් කර කර හිටියේ. මමත් ගේ ඇතුලේ ඉදගෙන පුතා දිහා බලාගෙන හිටියේ. වේගයෙන් ආපු සිල්වර් පාට කාර් එකක් එක පාරටම අපේ ගේ ඉස්සරහා නැවැත්තුවා. ඒ කාර් එකේ හිටපු පිරිමි තුන්දෙනෙක් බැහැලා ඇවිත්, සෙල්ලම් කර කර හිටිය පුතාව උස්සගෙන යන්න හැදුවා. මම පුතා ගෙනියන්න එපා කියලා කෑ ගහගෙන දුවගෙන ගිහින් , ඒ අයගේ අත්වල එල්ලූනා. එතකොට ඒ පිරිමි තුන්දෙනා මාවත් බලෙන්ම කාර් එක ඇතුළට දාගත්තා. කාර් එක ඇතුළේ හතරදෙනෙක් හිටියා. එතැන හිටපු අයගෙන් එක්කේනෙක් මම අ`දුරගත්තා. ඒ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්රී නිමල් කරුණාතිලක මහත්තයාගේ පුතා නුවන්. නුවන් කියන්නේ මගේ මහත්තයාගේ හො`දම යාළුවෙක් . මේ අය කාර් එකේ මාවයි, පුතාවයි දාගෙන ගල්ටැන්වැව හන්දියට ගිහින් එතැනින් කළුගල්ල පාරට දැම්මා. මම කාර් එකේ ඉදන් කෑ ගහැව්වා. එතකොට එතන හිටපු කෙනෙක් මගේ කට ළ`ගට පිහියක් තියලා ‘කෑ ගැහැව්වොත් මරනවා’. කියලා කිව්වා. කළුගල්ල පාරේ ටික දුරක් ගියාට පස්සේ ‘නම්බර් ප්ලේට් එක මාරු කරමු ’ කියලා කාර් එකේ හිටපු අය කතා වුණා. පස්සේ ඒ අය කැලයක් වගේ තැනක කාරේ එක නැවැත්තුවා. මගේ දෙපැත්තේ වාඩිවෙලා හිටපු දෙන්න කාර් එකෙන් බැහැලා ඒකේ නොම්මර තහඩු මාරු කරන්න ලෑස්ති වුණා. ඒ අතරේ මම පුතත් අරගෙන කාර් එකෙන් බැහැලා උදව් ඉල්ලලා කෑගැහුවා. එතකොට අර නොම්මර තහඩු මාරුකරපු දෙන්නා ඇවිත් මාව අල්ලගෙන කාර් එකට දාගන්න හැදුවත් , ඒ අය එක්ක පොරබදපු නිසා ඒක කරගන්න බැරි වුනා. එතැනදී තමයි මගේ කකුල් තුවාල වුනේ. ඒ අතරේ එක්කෙනෙක් මාව අතෑරලා , පුතාව අල්ලාගෙන කාර් එකට දාගත්තා. ඒ නිසා මටත් ආපහු කාර් එකට නගින්න වුණා. ඔය අතරේ මගේ කෑ ගැහීම ඇහුණු ඒ ගමේ කීපදෙනෙක් කාර් එක ළ`ගට දුවගෙන එනවා පෙනුනා. ඒක දැකපු නිසා කාර් එකේ හිටපු අය කාර් එක එතැනින් අරන් ආවා. ටික දුරක් යද්දී ත්රීවිල් එකක් කාර් එක පස්සේ එළවගෙන ආවා. ඒක දැකලා කාර් එකේ හිටපු අය කට්ටිය බය වුණා. ‘දැන්නම් මේක හරි යන්නෙ නෑ, මේකිව දාලා යමු කියලා කාර් එක ඇතුලේ කට්ටිය කතා වුණා.’ පස්සේ ඒ අය මට කිිව්වා ‘උඹ මේ ගැන පොලිසියට මොනවත් කියන්නේ නැත්නම් බස්සලා යන්නම්’ කියලා. මම හා කිව්වා.
ඊට පස්සේ මාවයි, පුතාවයි අතුරු පාරකින් බස්සවලා කාර් එකේ ආපු ඉගිල්ලිලා වගේ යන්න ගියා. කාර් එකකින් අපිව දාලා යනවා දැකලා ගමේ මිනිස්සු එතැනට එකතු වුනා. පස්සේ ගමේ අය 119 ට කතා කරලා මේ විස්තරේ කීවම පොලිසියෙන් ඇවිත් මාව පොල්පිතිගම ඉස්පිරිතාලෙට ගෙනැත් නැවැත්තුවා. මාවයි දරුවවයි පැහැරගෙන ගියේ ඇයි කියලා මම දන්නේ නෑ. ඒ අය මට එහෙම දෙයක් ගැන කීවෙත් නෑ ”. යැයි පැවසුවාය.
ප්රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරුවලට අනුව පලා යමින් තිබූ මෝටර් රථය සහ එහි ගමන් කරමින් සිටි දෙසොහොයුරන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකුද වීරඹුගෙදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටී.

Comments