පාසල් සිසුවිය රජකාලේ වැඩක් කරන්න ගිහින්!.




සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත හැට්ට කට්ටකින් සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සිසුවිය මඩකළපුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකි. 

හැට්ට කට්ටකින් ඇය කැටපත් පවුරේ අකුරක් ඇඳ ඇත . 

සිසුවිය වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලිසියට බාර දි ඇති අතර ඒ හේතුවෙන් අදාළ සිසුවිය අධ්‍යාපන චාරිකාවේ පැමිණි සෙසු පිරිස ද ඊයේ සිගිරිය ප්‍රදේශයේ නවාතැන් ගෙන ඇත. 

සිසුවියට පොලිස් ඇප ලබාගැනීම සඳහා මුස්ලිම් ජාතික පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගෙන් සිගිරි පොලිසියට ඇමතුම් ගලා එන්නට වූ බව වාර්තාවෙයි . 

කෙසේ වුවද පුරාවිද්‍යා පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇප ලබාගැනීමට නොහැකිවී තිබේ . 

සැකකාර සිසුවිය අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.