ළාබාල දැරියන් දෙදෙනකු සීදූවේ නවාතැනකදී හසුවේ..



නිවසින් අතුරුදන් වූ බවට පවසමින් සොයමන් සිටි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සීදුව ප්‍රදේශයේදී නේවාසිකාගාරයක සිය පෙම්වතා සමග සිටියදි බියගම ‍පොලිසිය මගින් පෙරේදා (05 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබිය.

තවද ‍පොලිසිය විසින් මේ නේවාසිකාගාරය වටලන අවස්ථාවේ එහි 13 හැවිරිදි තවත් බාල වයස්කාර දැරියක් සමග සිටි ඇයගේ පෙම්වතා ද අත්අඩංගුවට ගන්නා ලදී.

 15 හැවිරිදි දැරියගේ මව විසින් එම දැරිය නිවසින් අතුරුදන් වී තිඛෙන බවට ඉකුත් 01 වැනිදා බියගම ‍පොලිස් ස්ථානයට පැමි‚ල්ලක් කර තිබි‚ දැරියගේ පෙම්වතා ගාල්ල,

ගොඩැල්ලවත්තේ පදිංචි 22 හැවිරිදි එක් දරු පියකු වන අතර 13 හැවිරිදි දැරියගේ පෙම්වතා අම්පාර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

15 හැවිරිදි දැරිය ගැටහැත්ත ප්‍රදේශයේ ද 13 හැවිරිදි දැරිය බියගම ප්‍රදේශයේද පදිංචිකාරියන් වන අතර මේ දැරියන් දෙදෙනා ඊයේ (06 වැනිදා) ගම්පහ රෝහලට යවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමටද කටයුතු කර තිබි‚.

මෙම සිව් වදෙනාම අඹු සැමියන් ලෙසට හැසිරී තිඛෙන බවට ‍පොලිසිය අනාවරණය කරගෙන තිඛෙන අතර මේ පෙම්වතුන් දෙදෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

මේ සිව් දෙනාම බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී ඉද පසුව සීදුව ප්‍රදේශයේ නේවාසිකාගාරයට පැමිණ ඇතැයි කියති.

 බියගම ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පී. කවිරත්න හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාදිපති උප ‍පොලිස් පරික්ෂිකා නදීරා යන නිලධාරීහු මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වති.