හැට හතර හැවිරිදි කතට මේසන් බාස් අතවර කර හෙටත් එන්නම් කියා ගිහින්
සිය නිවෙසේ බුදු පහන තැබීමට සූදානම් වූ අවිවාහක ශ්‍රවණාබාධිත හැට හතර (64) හැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කර ˜හෙටත් එන්නම්˜ යනුවෙන් පවසා පලාගිය මේසන් බාස් කෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදු කරයි.එම කාර්යාංශයේ සැරයන් ගාමිණී (22745) මහතා නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලූත්ගේ මහතා වෙත ඊයේ (22දා) කළ දැනුම් දීමකට අනුව මේ සිද්ධිය අනාවරණය විය.
නුගේගොඩ ප්‍රදේශයේ නිවෙසක තනිව ජීවත් වන කාන්තාවක් මෙම සිද්ධියේ පැමි‚ලිකාරියයි.එම පැමි‚ල්ලට අනුව මේ කාන්තාව ඉකුත් 20 වැනි දින රාත්‍රි 8.00ට පමණ සිය නිවෙසේ බුදු පහන තැබීම සඳහා සූදානම් වන විට කිසියම් අයකු බාගෙට වසා තිබූ දොර විවර කරගෙන ලයිට් නිවා දමා බලහත්කාරයෙන් ඇයව නිවෙස තුළට රැගෙන ගොස් දූෂණය කර ඇති බව අනාවරණය වෙයි.
ඇය සිය පැමි‚ල්ල මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ පැමි‚ලිකාරියගේ නිවෙස ඉදිරිපිට ගොඩනැඟිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින මේසන් බාස් කෙනකු තමාට එසේ අතවර කර ˜හෙටත් එන්නම්˜ යනුවෙන් පවසා පලාගිය බවය.
Comments