නිල ඇදුමට සගවාලිය නොහැකි මව් සෙනෙහස



යුද්ධය දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් අහිමි කළ ශාපයක්. යුද්ධයේ ගිනිදැල්වලින් දැවී මියයන්නන් සේම යුද ගිනිදැල් නිවීමට ගොස් මියැදුණු අයත් සිටිනවා.

මේ දිනවල ඇෆ්ගනිස්තානයේ පවතින යුද ගිනිදැල් නිවීමට ඇමෙරිකානු හමුදා දායකත්වය සපයමින් සිටිනවා. නිසාම තම පවුල්වලින් වෙන්ව ගොස් දුරුකතරක අවි දරා සිටීමට ඔවුන්ට සිදුවෙලා.

ඇෆ්ගනිස්තානය බලා පිටත්ව ගිහින් මාස 09කට පසු පසුගියදා ඇමෙරිකාවට පැමිණි සෙබළ සෙබළියන් තම නිවෙස් බලා යාමට අණ ලැබෙනතුරු බලා සිටියා. එම අවස්ථාවේ තම මව මාස නවයකට පසු දැකගන්නට පුංචි කූපර්ද පැමිණ සිටියා. අණදෙන නිලධාරියා තම මවට ගෙදර යන්න අණදෙන තෙක් බලා ඉන්න බැරිවුණු තැන, තුන් හැවිරිදි කූපර් සෙබළුන් සිටි දෙසට දුවවිත් තම මෑණියන්ව සිප වැලඳගත්තා.

නිළ ඇඳුමෙන් සිටියත් හමුදා නිලධාරිනී කැතරින්ට සිය මව් සෙනෙහස සඟවාගෙන සිටීමට නොහැකි වුණා. නිසාම ඇය මාස නවයකට පසු තම පුතුව තරයේ සිප වැලඳගත්තා. මේ සංවේදී සිද්ධිය විදෙස් මාධ් සියල්ලකම පාහේ සටහන් කර තිබෙනු දැකගත හැකිවුණා.



Comments