පොලිසියෙන් හිගන දඩයක්


රථ වාහන වැරදි කළ රියදුරන්ට දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍යයක ටිකට් පත් අලෙවි කළ සිද්ධියක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකින් අද (17) වාර්තා විය.
ප්‍රදේශයේ රංග ශාලාවක ප්‍රදර්ශනය කිරීමට නියමිත වේදිකා නාට්‍යයක ටිකට් පොත් කිහිපයක් විකුණා දෙන්නැයි එම පොලිසියේ ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට ලබා දී ඇත.
ඒ අනුව රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ  (16) සහ අද  (17) රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අළෙවි කළ බව පොලිස් ආරංචි සඳහන් කළේය.
පොලිසිය අලෙවි කළ ටිකට් පතක වටිනාකම රුපියල් දහසකි.
 උසාවි ඉදිරිපත් කළ යුතු වරදක් හෝ වැඩි දඩ කොළයක් නිකුත් කළ යුතු වරදක් රියදුරකු කළේ නම් ඒ වෙනුවට ටිකට්පත අලෙවි කළ බව දැනගන්නට ඇත.

Comments