බිරිඳ අනියම් සැමියා ගෙදරට ගෙන්වාගෙන..


පිට පළාතක සේවයේ නියුතු සැමියා නිවසේ නැති විට රාත්‍රි කාලයේ නාවික හමුදා සෙබළකු නිවසට කැඳවාගත් රාජ්‍ය සේවිකාව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව හසුකර ගැනීමට සැමියාට හැකිව තිබේ.

සැමියා හා බිරිඳ දෙදෙනාම රජයේ වගකිවයුතු ඉහළ පෙළේ රැකියාවන්හි නියුතු අය වන අතර ඔවුනට දාව දරුවෝ දෙදෙනෙක්‌ද සිටිති.

කලක පටන් සැමියා පිට පළාතක සේවයේ නියුතු අතර අදාළ නාවික සෙබළා දුරකථන මාර්ගයෙන් නිවසට ගෙන්වාගෙන ඇති බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි පොලිසියට දැන්විය.

විවිධ පැමි‚ලි අංශයේ ස්‌ථානාධිපති උ.පො. ප. ඒ. එම්. එස්‌. අධිකාරි මහතා දෙපිරිසම අමතා දරුවන් පිළිබඳ සිහි ගන්වමින් කළ කරුණු පැහැදීම මත සැමියා සියල්ල අමතක කොට නැවත සාමයෙන් සිටීමට එකඟ වූ පසු සැමියාගේ එම කාරු‚ක බව වටහා දී මින් මතුවට එවැනි දේ නොකරන ලෙසට බිරිඳටද දැන්වීය.

කිසිම දිනක එම නිවසට නොයන ලෙස සෙබළාට අවවාද කළ අතර දරුවන් සමග අඹු සැමියන් සතුටුසිතින් නික්‌ම යැම කාගේත් පැසසුමට ලක්‌විය.