ආරියවතිගේ මුත්‍රාබර සහ පළාත් සභාව කල් දැමීම

නැගෙනහිර පළාත් සභාවේ අයවැය සම්මත කර ගැනීම ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා දක්වා කල්තැබීමට එම පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය අද තීරණය කළා. ඒ, අද පෙරවරුවේ රැස්වු එම පළාත් සභා රැස්වීමේ දී ඇතිවු නොසන්සුන්තා හේතුවෙන්.

නැගෙනහිර පළාත් සභාවේ අයවැය ලේඛනය සම්මත කර ගැනීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි. නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ වැය ශීර්ෂ සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් ඉල්ලීමක් කළා. ඒ අනුව සභාව කල්තැබීමට සභාපතිනිය තීරණය කිරීමත් සමග විපක්‍ෂය නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන්  සෙංකෝලය පැහැරගෙන යාමත් සමග එහි නොසන්සුන්තාවත් හටගත්තා. පසුව දෙපාර්ශ්ව අතර ගුටි බැට හුවමාරුවක් ද සිදුවු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊයේ කල්තැබුණු සභාවේ කටයුතු අද පෙරවරු  09.30ට යළි ආරම්භ කරන අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් සභාවේ රැඳි සිටියේ මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණයි. විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 15 දෙනාම සභාවේ රැඳි සිටියා.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් 03 දෙනා සභාවට පැමිණ සිටියේ නැහැ. මේ අනුව එම මන්ත‍්‍රීවරුන්ගේ සහය නොලැබුණහොත් නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයට හිමි බහුතර බලය අහිමිවීමේ අවදානමක් පවතිනවා. 
 

මේ පිළිබඳ නෙත් නිවුස් නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් ද විමසීමක් කළා. 

මම අම්මෙක්. මම හොද අාච්චියෙක් මම පැය ගානක් ඔතන ඉදලා මගේ මුත්‍රා බර තද වුනා තමයි. ඒ තද වුනේ කොයි වරුවෙද දන්නවද. රෑ  7.30 ට. මම කල් ඉල්ලුවා පැය බාගයක් . එත් බෑ  කිව්වා. නමුත් මම ඇවිල්ල මුත්‍රා කරලා එනකොට සභාව කල් දැම්මා.

අද උදේ පක්ෂ නයකයන්ගේ රැස්වීම ගත්තේ වැය ශීර්ෂය, එකක් වාරිමාර්ග අනෙක පුළුවන් උනොත් අධ්‍යාපනය ගන්න කතාකරගෙන ගියේ. යනකොට ඒගොල්ලෝ ඊයේ ප්‍රශ්නය ඇදගෙන. දගලන්න ගත්තා, ඉතින් මට කරන්න තිබුනේ සභාව කල් දමන එක. මේක ඇතුලේ ගහ ගන්න  බැහැනේ. ඉතින්  මම කල් දැම්මා. පක්ෂ නායක රැස්වීම අනුව ගත්ත තීරණය සභාවට ගියා. පක්ෂ දෙකේ කට්ටිය නොසන්සුන් උන නිසා මම සභාව කල් දැම්මා. ජනවාරි 12 දක්වා. 










Comments