සුපර් කියන්නේ නිකන් ද? (PHOTO)


මැදවචිචිය,පුනෑව,නාවක්කුලම හන්දිය ප‍්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් කඩාගෙන ගොස් ගසක වැදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බැව් මැදවචිචිය පොලිසිය පවසයි.
මැදවචිචිය සිට වවුනියාව දෙසට ගමන් කළ ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදු වි ඇති බව මැදවචිචිය පොලිසිය පවසයි. 
අනතුරින් තුවාල ලැබූවන් මැදවචිචිය රෝහලට ඇතුළත් කොට ඇති බැවද වාර්තා වේ.