ෆෙස්බුක් එකෙන් හඳුනා ගෙන තරුණියන් රැසක් දූෂණය කරලා
නවාතැන් පොළවලට ගෙනගොස් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන ඡායාරූප ලබාගෙන ෆෙස්බුක් මඟින් පාසල් සිසුවියන්, බාලවයස්කාර දැරියන් හා තරුණියන් සමඟ මිත්ර වී ඔවුන් හෝටල් හා නවාතැන් පොළවලට ගෙනගොස් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර අයථා වාසි ලබාගත් බවට සැකපිට බන්ධනාගාර ගතව සිටි සැකකරු රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර ප්රධාන මහෙස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
එම නඩුව ලබන ජනවාරි 12 වැනිදා යළිත් විභාග කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා දැනට මාස දෙකක පමණ කාලයක් ගතවී ඇති හෙයින් එම කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කර ඇති කරුණු අධිකරණය සැලකිල්ලට ගන්නා බවත් සිද්ධිමය කරුණුවල ඇති සංකීර්ණභාවය මෙන්ම තවදුරටත් විමර්ශන සිදුකෙරන බව විමර්ශන නිලධාරීන් දන්වා ඇති නිසා සැකකරුට මුදල් සහ ශරීර ඇපවලට අමතරව දැඩි ඇප කොන්දේසි නියම කරන බවද මහෙස්ත්රාත්වරයා කීය. සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවත් සාක්කිකරුවන්ට හෝ පැමිණිලිකරුවන්ට ඍජු හෝ වක්ර ආකාරයෙන් කිසිදු බලපෑමක් නොකළ යුතු බවත් සැකකරුට නියම කළ මහෙස්ත්රාත්වරයා ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් කීය.
මෙසේ මුදාහැරුණේ වාද්දුවේ පදිංචිකරුවකු වන තිමිර රුවන්ත ගුණරත්න නමැත්තෙකි. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පො.කො. දිල්ෂාන් (87309) මහතා අධිකරණයට මෙසේ කරුණු දැක්වීය. ශ්රී ලංකා සර්ට් ආයතනයෙන් ලැබිය යුතු වාර්තා කිහිපයක් තවම ලැබී නැහැ. 2012 වසරේදී විවාහ කරගන්නා බවට පොරොන්දු වී කඩවත ලැගුම්හලකට ගෙනගිය තරුණියක සමඟ ලිංගිකව හැසිරෙමින් සැකකරු ගත් නිරුවත් ඡායාරූප අඩංගු වීඩියෝ දර්ශන, ජංගම දුරකතනයේ දැක්වෙන ඡායාරූප, ෆෙස්බුක් මඟින් ඇය සමඟ කළ සංවාද එම තරුණියට පෙන්නූවිට ඒවායේ සිටින්නේ තමන් බව ඇය පිළිගත්තා.
නැවැත ඔහු කතා කරද්දි එම කැඳවීම් ප්රතික්ෂේප කළත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළ නිසා තමන් නැවැත ඔහු සමඟ එක්වුණු බවට ඇය ප්රකාශයක් ලබා දුන්නා. එවැනි දර්ශන අඩංගු වීඩියෝ පට 8ක් ඇය හඳුනාගත්තා. තවත් බාල වයස්කාර පාසල් සිසුවියක් මේ වසරේ අ.පො.ස. සාපෙළ විභාගයට මුහුණ දෙන නිසා ඉදිරිපත් වන්නට නොහැකි බව පවසනවා. සැකකරු එසේ දස දෙනකුට වැඩි පිරිසක් සමඟ ලිංගිකව හැසිරී ලබාගත් නිරුවත් ඡායාරූප දැනට හඳුනාගෙන තිඛෙනවා. 10කගෙන් ප්රකාශ ලබාගත්තා.
විවාහ කරගන්නා බවට පොරොන්දු වී පානදුර ප්රදේශයට රැගෙන ආ තරුණියක් රවටා බියකර නිරුවත් ඡායාරූප ලබාගෙන හරවා යවා තිඛෙනවා. ඔවුන් සපුගස්කන්ද පොලිසියට පැමිණිලි කර තිඛෙනවා. මොහු කර ඇති මෙම ක්රියාදාමයන් කිසිසේත්ම සමාජයට හිතකර ඒවා නොවේ. මේවායේ ප්රතිඵල ඉතා බියකරු වන්නට හැකියි. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් ජයරත්න සහ අමිල නාවලගේ මෙසේ කරුණු දැක්වීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස දෙකකට ආසන්න කාලයක් මේ විමර්ශන අවසන් කර නැහැ. වැරදි චෝදනා නිර්මාණය කළාට ඔප්පු කර නැහැ.
Comments