බලංගොඩ ඇළක මළ සිරුරක්



බලංගොඩ, කෝන්ගල්ල ඇළේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 

බලංගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය. 

මෙලෙස මියගොස් ඇත්තේ අස්වැද්දුම මුල්ගම ප්‍ර දේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය. 

මළ සිරුර බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.