අමිමගෙ දෙවන සැම්යගෙන් දුවට දරු සමිපතක්
ලිඳුල ප්‍රදේශයේ කාන්තාවකගේ දෙවන විවාහයේ සැමියා විසින් පළමු විවාහයේ 17 හැවිරිදි දියණියව ගැබිණියක් කළ පුවතක් වාර්තා වේ. වසර 4ක පමණ සිට ඔවුන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර පුදුම සහගත කරුණ වන්නේ ඔවු එලෙස හැසිරී ඇත්තේ මව නිවසේ සිටියදී වීමය.
එම දියණිය මේ වනවිට මාස 8ක ගැබිණියක් වන අතර ඇයව මාතෘ සායනවලට රැගෙන ගොස් ඇත්තේද මව විසිනි. මවටද පසු විවාහයෙන් දරුවන් පස් දෙනෙකු සිටී. මව මීට මාස දෙකකට ප්‍රථම විදෙස් ගත වී ඇති අතර දැරිය පිළිබඳව ලිඳුල පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඇගේ මම කෙනෙක් විසිනි. ලිඳුල පොලිසිය විසින් දැරියව ගැබිණියක් කළ සුළු පියාව අත්අඩංගුවට ගෙන ඇත.