දියනිය කෙලෙසුවාට දොළොස් වසරකට හිරේ.
සිය බිරිඳ විදේශගත වීමෙන් අනතුරුව 12 හැවිරිදි දියණිය කෙලෙසූ පියකුට බරපතල වැඩ සහිත දොළොස් වසරක සිර දඬුවමක් නියම කිරීමට ඊයේ (21) හලාවත මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේය.
මීට අමතරව රුපියල් හත්දහස් පන්සියයක දඩ මුදලක්ද විනිසුරුවරයා වරදකරුට නියම කළේය.
දංකොටුව ගොඩැල්ලේ පදිංචි වරදකරුවකෞට එරෙහිව මෙම දඬුවම් නියම කෙරිණ.
දඩ මුදල් නොගෙවන්නේ නම් සය මසක් ලිහිල් සිර දඬුවමක්ද වරදකරුට නියම කෙරී ඇත.
2003 වසරේදී තමන්ට දාව උපන් වැඩිමහල් දියනිය කෙලෙසූ මෙම පුද්ගලයාට පවුලේ තවත් දරුවන් දෙදෙනකුද සිටී.
කෙසේ නමුදු වසර 11කට පසුව නඩු තීන්දුව ලැබීමේදී අතවරයට පත් වූ දියනිය මේ වන විට වයස අවුරුදු 23ක් පමණ වන තරුණියක වන්නීය.