වතුකරයේ නාය යෑමෙන් මියගිය ඥාතීන්ට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුවේදී ගෞරවය දක්වා ඇත.



නාය යෑමෙන් මියගිය වතුකරයේ දෙමළ ඥාතීන් වෙනුවෙන් ගෞරවය පුදකිරීම රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මාසික පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුකර ඇත. අන්තර්ජාලය ඔස්සේ රැස්වූ මෙම මාසික පාර්ලිමේන්තු සැසිවාරය කථානායක තවේන්ද්‍රරාජා මලවුන් වෙනුවෙන් සභාවේ ශෝකය පලකර ඇත.
“ස්වාභාවික ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ග්‍රාමයේ සිදුවූ නායයෑමට හසුවී මියගිය අපගේ සහෝදර ඥාතීන්ට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුවේ ශෝකය සහ ගෞරවය පුද කරන්නෙමු. දීර්ඝ කාලයක් තිස්සේ අර්බුද   වලින් පිරුණු සමාජ දේශපාලන වාතාවරණයට මුහුණදී සිටින වතුකරයේ දෙමළ ජනතාවට මෙම ස්වාභාවික ව්‍යසනය තුලින් තම ජීවන රටාවේ වෙනසක අවශ්‍යතාවය මනාව තේරුම්කරදී ඇත.
සරණාගතව ජීවත්වන දෙමළ ජනතාව මධ්‍යයේ  ක්‍රියාත්මකවන ආයතන, දෙමළ ප්‍රජාසංවිධාන සහ ආගමික ස්ථාන යානාදිය, පීඩාවටපත් ජනතාවගේ පුනර්ජීවන කටයුතුවලට පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් අග්‍රාමාත්‍ය වී.රුද්‍රකුමාර්ගේ ඉල්ලීමද මෙම අවස්ථාවෙදී සිහිපත් කරන්නෙමු” යනුවෙන් තවේන්ද්‍රරාජා ප්‍රකාශ කර ඇත.
පීඩාවටපත් ජනතාවට අවශ්‍ය උපකාර කිරීමට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යංශ වලට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.