තංගල්ල සභාපතිට වසර 20 ක බරපතල සිරදඩුවම්
තංගල්ල නඩුවේ චෝදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම අද (18) බරපතල වැඩ සහිත වසර 20 ක සිරදඩුවම් නියම කළා. මෙම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ. වසර දෙකහමාරකට ආසන්න කාලයක් විභාග වූ තංගල්ල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. තංගල්ල ද නේචර් හෝටලයේදී 2011 වසරේ දෙසැම්බර් 25 වැනිදා බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වන රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රා දුෂණය කිරීම විත්තිකරුවන්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි.

Comments