අට හැවිරිදි දැරිය අනියම් බිරියත් සමග හවුලේ දූෂණය කරලා

පාසලට යමින් සිටි 8 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටාගෙන නිවෙසට රැගෙන ගොස් ඇයව බරපතළ අපයෝජනයකට ලක්කළ බව කියන 60 හැවිරිදි සැකකාර දෙදරු පියකු දෙසැම්බර් 3 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අංක 187/6 පතිරගොඩ පාර මහරගම ලිපිනයෙහි පදිංචි ඇඹුල්දෙනියගේ මිහින්දපාල නමැත්තෙකි.

එම දැරියට ලිංගික අපයෝජනයක් කිරීම සඳහා සැකකරුට අවශ්‍ය වටපිටාව සලසා දුන් බව කියන ඔහුගේ අනියම් බිරිය වන ඇල්විටිගලගේ සුජාතා නමැත්තිය රුපියල් පන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදාහරින ලෙසටද නියෝග කෙරුණි.

ඉහත කී දැරියගේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මහරගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබූ අතර එම දැරිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ඉකුත් 19 දින පෙරවරුවේ තම පාසලේ ඉහළ පන්තියක අධ්‍යාපනය ලබන සිය අක්කාද සමඟ පාසලට පැමිණි බවත්, අක්කා පන්තියට ගිය පසු ඇය ඇයගේ පන්තියට යෑමට සූදානම් වූ අවස්ථාවේ පාසල ඉදිරිපිටදී පන්තියේ ඇයගේ හොඳම හිතවතියගේ තාත්තා, අම්මා හා මල්ලි හමුවූ බවත්, ඔවුන් තමාට පාසලට යෑමට ඉඩ නොදී ත්‍රිරෝද රථයක දමාගෙන ඔවුන්ගේ ගෙදරට රැගෙන ගිය බවත්ය.


Comments