වික්ටෝරියා දියඇල්ල දෙපසින් බැඳී රැහැනක් මත දිවයන ජීවිතය.


සැම්බියා - සිම්බාබ්වේ දේශසීමාවේ පිහිටි වික්ටෝරියා දියඇල්ල දෙපසින් බැඳී රැහැනක් මත සාර්ථකව ගමන් කිරීමට ජර්මානු සහ ඔස්ට්‍රියා ජාතික තරුණයන් දෙදෙනෙකු සමත් වුණා.

දැඩි මීදුම මධ්‍යයේ ඔවුන් දෙපළ මෙම ත්‍රාසජනක ක්‍රියාවේ නිරත වූ අතර, විදෙස් වාර්තා පැවසුවේ ඒ සදහා වසර 2ක පමණ කාලයක් මොවුන් පෙර පුහුණුවීම්වල නිරත වී ඇති බවයි.