ඥාණසාර උන්නැහේ යුද්දෙ කාලෙ කොහෙද හිටියෙ – මර්වින්
කොටි වනසන යුද්දය පැවති සමයේ ගලගොඩඅත්තේ ඥානසාර උන්නැහේ ගැන අසන්නට නොලැබුණු බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධය අවසන් වූවාට පසුව බවයි.
තම ජීවිකාව පහසුකරගැනීමට කසාවත ඇඟට දමාගත් පුද්ගලයන් සමාජයේ වෙසෙනුයේ කසාවතට ඇති සමාජ පිළිගැනීම හා ගෞරවනීය තත්ත්වය උපයෝගී කරගෙන ධනය, බලය, කීර්තිය වැනි අතෘප්තිකර ආශා පහසුවෙන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් යයිද ඔහු කියා සිටී.
‘ආරක්ෂක අංශ නොවන්නට රටපුරා භීෂණය පැතිරගිය තිස් අවුරුදු යුද්ධය නිමාකරන්න ලැබෙන්නේ නැහැ. එම භීෂණය පැවැති යුගය තුළ අද කෑමොරදෙන ගලගොඩඅත්තේ ඥානසාර උන්නැහේ කෙනෙක් ගැන අපට අසන්නට නොලැබුණි. මේ කොයි චණ්ඩියත් එළියට බැස්සේ යුද විරුවන්ගේ කැපවීම මත රටතුළ ඇතිකළ සාමයෙන් පසුවයි’ යයිද නිවේදනයේ දැක්වේ.
Comments