යට කලිසම පිටින් නිවසකට ගිය රුහුණේ කථීකාචාර්යවරයා ගම්වාසීන් කණු බැඳලා

යට කලිසම පිටින් මාතර ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළුවීමට තැත් කළ රුහුණ විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකු ප්‍රදේශවාසීන් විසින් කණු බඳිනු ලැබ පොලීසියට භාරදීමේ සිද්ධියක් පෙරේදා වාර්තා වුණා.
රාත්‍රී යාමයේ අලූතින් හදාගෙන යන නිවසක කාන්තාවක් තනිව සිටි ස්ථානයට යට කලිසම පිටින් ආ බව කියන නොහඳුනන පුද්ගලයා දැක කාන්තාව විලාප තැබූ බවත් පසුව ඇගේ සැමියා පැමිණ මොහු දැකගත් විට පළායන්නට තැත් කිරීමේදී එළවා ගොස් පොල්ලකින් පහරදී ගම් වාසීන් සමග එක්වී වැල්ඩින් වැඩපළක් අසළ කණුවක ගැටගසා පොලිසියට භාරදුන් බවත් වාර්තාවනවා.
මෙම සිද්ධියට මහුණදී ඇත්තේ රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථීකාචාර්යවරයෙකු ලෙස සේවය කරන 
අනුර සුරංජිත් ගුණසේකරයි.
පොලිසිය පැමිණෙන්නට පෙර මෙම කථීකාචාර්යවරයාගේ මිතුරෙකු බව කියන නීතීඥවරයෙකු පැමිණ බැඳ සිටින්නේ කැම්පස් එකේ සර් කෙනෙක් මෙයාට යන්න දෙන්න යයි ඇවිටිලි කළද පොලිසිය එනතුරු ඔහු මුදවන්නට ගම්වාසීන් ඉඩදී නැත. තුවාල සහිතව සිටි කථීකාචාර්යවරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මාතර මහරෝහලට ඇතුළත් කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ඔහු පොලිසියට කියා ඇත්තේ තමා රුහුණ විශ්ව විද්‍යාලයේ දැයට කිරුළ පවත්වන්නට හැදූ ප්‍රශ්නයේදී රජයේ මතයට පටහැණිවීම නිසා තමාට විරුද්ධ ගම්වාසීන් මේ ආකාරයට පහරදී ඇති බවකි.

නමුත් පොලිසිය සිදුකළ ගවේෂණයේදී මෙම පහරදීම එවැනි හේතුවක් නිසා සිදුවූ එකක් යයි තවම හෙළිවී නැත.
සිද්ධිය වූ දිනයේ රාත්‍රියේ රුහුණ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ නිවසේ පැවති සාදයකට මෙම කථීකාචාර්යවරයා සහ තවත් ආචාර්යවරුන් පිරිසක්ද නීතීඥ මහතෙකුද සහභාගීවී ඇත. සාදය නිමවී නීතීඥවරයාට අයත් වාහනයෙන් මෙම කථීකාචාර්යවරයා පිටව ගොස් ඇති අතර ටික දුරක් ගොස් මැදවත්ත ප්‍රදේශයේදී තමාට සිගරට්ටුවක් ලබාගන්නට අවශ්‍ය බව කියමින් ඔහු වාහනයෙන් බැස ඇත.



මෙම ස්ථානයට යාබදව සරසවි සිසුවියන් පස් දෙනෙකු නැවතී සිටින නවාතැන්පොළක් තිඛෙන අතර කථීකාචාර්යවරයා එහි ගියේදැයි තොරතුරු තවම තහවුරුවී නැත. අනතුරුව ඒ ආසන්නයේ මැදවත්ත අරලිය මුහුදු වෙරළ මාවතේ අලූතින් සාදාගෙන යන නිවසකට කථීකාචාර්යවරයා ඇතුළුවී ඇත. තම ඉස්තෝප්පු කාමරය අසළ කිසියම් ශබ්දයක් ඇසී නිවසේ සිටි කාන්තාව බලද්දී යට කලිසම පමණක් ඇඳගත් උඩුකය නිරුවත් පුද්ගලයෙකු සිටිනු දැක කෑගසා ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි ඇගේ සැමියා පැමිණ සොරෙක් පැමිණ ඇතිබව සිතා පොල්ලක් ගෙන ඔහුට පහරදී ඇත. මෙම පහරදීමේදී දුවන්නට වූ කථීකාචාර්යවරයා කඳුබෑවුම් සහිත ස්ථානයකදී පය පැටලී ගොස් පහතට පතිත වී ඇත. 

පහරකෑ තුවාල හා බිම වැටුණ තුවාල සහිතව යට කලිසම පිටින් ඇද වැටී සිටි කථීකාචාර්යවරයා වටකරගත් ප්‍රදේශවාසීන් මොහු සොරෙක් බව වටහාගෙන පොලිසියට භාරදෙන්නට 119 අංකයට ඇමතුමක් ලබාගෙන ඇති අතර පොලිසිය පැමිණෙනතුරු ඒ ආසන්නයේ තිබුණ වැල්ඩින් වැඩපළක කණුවක අතපය ගැටගසා අඩස්සියේ තබාගෙන සිට තිඛෙනවා.
මේ අවස්ථාවේ සිගරට් එකක් ගන්නැයි කියමින් වාහනයෙන් බැසගිය තම මිතුරා සොයාගෙන ආ නීතීඥ මිතුරාට තම සගයාට සිදුවූ විපත්තිය දැකගන්නට ලැබී ඇති අතර ඔහු පවසා ඇත්තේ මේ ඉන්නෙ රුහුණ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් මෙයාව ලිහල දාන්න යයි කියා ඇත.
නමුත් ගම්වාසීන් තරයේ කියා ඇත්තේ පොලිසිය පැමිණෙනතුරු එසේ කළ නොහැකි බවයි.
පසුව පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ආකාරයෙන් නිවසට ඇතුළුවීමට තැත්කළේය යන චෝදනාව මතයි.
කථීකාචාර්යවරයා පොලිස් අත්අඩංගුවට පත්වනවිට ඔහු යටකලිසම පිටින් පමණක් සිටි අතර ඔහුගේ කමිසය හා කලිසම තිබූ තැනක් සොයාගන්නට ලැබී නැත.

අනතුරුව මාතර මහරෝහලේ 3 වන වාට්ටුවේ ප්‍රතිකාරගත් කථීකාචාර්යවරයාව
ඊයේ(15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා තීරණය කළේ වැඩිදුර විභාගය සඳහා කථීකාචාර්යවරයාව 18 වනදා තෙක් රිමාන්ඩ්භාරයේ තබන ලෙසයි.
මේ අතර රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනයවූ පෝස්ටරයකින් කියැවුනේ දැයට කිරුළට විරුද්ධව හ~ නැගූ කථාකාචාර්යවරයා පැහැරගෙන ගොස් පහරදීම මහා ශිෂ්‍ය සංගමය හෙළා දකින බවයි.එම පෝස්ටරය ඊයේ සවස ගළවා ඇති බවද වාර්තා වුණා.


Comments