ගෙල වැළලාගත් අයුරු පටිගත කරමින් මියගිය සිසුවාගේ (වීඩියෝව)
පගලේවෙල - තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් අප පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා කළා. පොලිසිය පැවසුවේ, අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බවයි.

ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතාගේ අවධානය යොමු වූයේ ඔහු මියගිය පසුවත් ක්‍රියාත්මකව තිබූ 
ලැප්ටොප් පරිගනකය වෙතයි. එහිදී සැකකලේ මෙම මරණය තරුණයා විසින් පටිගතකරගෙන මියයන්නට ඇති බවයි.


ඒ අනුව ඔවුන් විසින් පරිගණකය පරීක්ෂා කිරීමට ලක්කලත් එහි මුරපදයක් යොදා තිබූ නිසාවෙන් එහි අඩංගු තොරතුරු පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වුනා. කෙසේ නමුත් මේ වන විට එහි මුරපදය ඉවත් කොට අන්තර්ගතවී ඇති දත්ත පරීක්ෂා කිරීමට සමත්වී තිඛෙනවා.

එහිදී අදාල තරුණයා විසින් ගෙල වැළලාගෙන මියයන ආකාරයද පටිගතවී ඇති අතර මේ වන විට එම වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කොට තිඛෙනවා. එමෙන්ම නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඔහු ගෙළ වැළලාගෙන තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

එම වීඩියෝව පහතින්...