ප්‍රේමයට බාධාවක් නොවූ අබාධිතකම.....
ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් දිවයින මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව දැඩි ලෙස තුවාල ලබා තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටියදී ඔහුගේ පෙම්වතිය ඔහු සොයා එන්නේ ජීවිත කාලය පුරා ඔහු රැක බලා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස යක්කල හර්ෂණී විඡේසූරිය සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ රණවිරු කෝප්රල් මහින්ද ප්‍රේමලාල් ඊයේ (15 දා) දින ගම්පහ සෙනෙත්මා උත්සව ශාලාවේදී සුබනැකතින් යුගදිවි ගමන ඇරඹූහ.
මෙම උත්සවය සඳහා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ප්‍රසාද් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු හමුදා නිලධාරීහුද මෙම උත්සවයට පූර්ණ දායකත්වය සැපයූ ,සියනෑවේ අපි, සංවිධානයේ සාමාජික පිරිස්ද එක්ව සිටියහ.