පාර්ලිමේන්තුවේ තවත් පිල් මාරුවක් හෙට ?

පොදු අපේක්ෂක සිරිසේන මහතාට මහතාට බැහැල වැඩ කරමු - රනිල්..

ජනපතිවරණය සඳහා හෙට (08) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සන්ධාන රජයේ පාර්ශ්වකරුවන් වන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ මෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති පී. දිගම්බරන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.


 විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මෙම 08 දා නාමයෝජනා බාර දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව ස්ථීර තීන්දුවක් ගැනීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට මතෛක් සාධනීය පිළිතුරක් නොමැති වීම නිසා තවදුරටත් රජයේ සිටිය යුතු නැතැයි එහි ඉදිරිපෙළ නායකයින්ගේ අදහස වී ඇතැයි පැවසේ.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවැති එක්සත් ජාතික පක්ෂ 55 වැනි සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් ඉගිපලකල බව වාර්තා වේ. ඔහු එහිදී පවසා ඇත්තේ තවත් ඉන්නවා අපිට එන්න.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි යැයි ඔහු පවසා තිබේ.

ඔවුන් ගෙන්වා ගන්නට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට බැහැල වැඩ කරමු යැයි වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත. මේ අතර විපක්ෂයෙන්ද පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් 


Comments