“මම සමලිංගිකයෙකු වීම ගැන ආඩම්බර වෙනවා” – APPLE ලොක්කා


ඇපල් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් තමන් සමලිංගිකයෙකු බව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, තමන් සමලිංගිකයෙකු වීම ගැන ආඩම්බර වන බවද පවසා තිබේ.
බ්ලූම්බර්ග් බිස්නස් වීක් වෙත අදහස් දක්වමින් ඇපල් ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ පවසා තිබේ.
මේ දක්වා තම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තරමක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ටිම් කුක්, මෙසේ සිය ලිංගික ජීවිතය පිළිබඳ ප්‍රථම අනාවරණය සිදුකර තිබේ.
එමෙන්ම, තමන් පදිංචි ඇලබාමා ප්‍රාන්තයේ සමලිංගික හා ලිංග විපයර්සායයන්ට ලක්කළ වුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අභියෝග කිරීමටද ඔහු සූදානම් වන බව කියැවෙයි.