කතළුව මුහුදේ ගිලූණු සබ්මැරීනය රාවණගේද?
රාවණ කතාව වටා රොද බැඳුණු පාඨක ප‍්‍රතිචාර එමටය. රාවණ මිත්‍යාවක් හැටියට වපුරන්නට අපට වුවමනා නැත. ඉන්දියාවේ ඉතිහාසයේ රාමxරාවණ යුගය පූජනීය නම් අපට මිත්‍යාවක් වන්නේ කෙසේද? නමුත් ගැඹුරු අතීතයකි. ගැඹුරු අතීතයක් ගොඩගැනීමේදීත්, නුහුරු අතීතයක් වෙත යාමේදීත් කෙනෙක් විරුද්ධ මත දරන්නට පුළුවන. එහෙත් අප ගොඩනගන්නේ ජාතික වීරයකු මිස විජාතික වීරයකු නොවේ. ජාතික වීරයකු හැටියට ඉතිහාස කතාවලින් අතුගාදැමූ වීරයෙකි.
රාවණගේ සුවිශේෂතා මහාවංශය වැනි පොත්වල මතු නොකළේ ඇයි? මහා වංශය ලියූ මහානාම හාමුදුරුවෝ ඉන්දීය සම්භවය ඇති බව කලින් ලීවා මතක ඇත. උන්වහන්සේ රාවණගේ හැකියා සටහන් කළා නම් ”විජයට” මහාවංශයෙහි ලැබෙන තැනක් නැත. විජයට තැනදීම අරමුණු කොටගෙන උන්වහන්සේ ඉන්දියාවෙන් පැමිණි කතාවකින් මහාවංශය ආරම්භ කරන්නට ඇත. එතැනට එහා පැරැුණි සිංහල රාජ පරම්පරාව ගැන ලීවා නම් අප කාටවත් අපේ අතීතය පැටලෙන්නේ නැත.
රාවණ වැනි චරිත ඉතිහාසයේ මිහිදන් කළේ බොහෝ අරමුණු සහිතව බව අපට පෙනේ. එවැනි චරිතයක් මතු කරන මොහොතක ආදරණීයව අප දිරිමත් කරන ඔබට ස්තුතියි. අද අලූත් කතාවක්.
රාවණ යුගයේ සිටි කතළු රාක්ෂයා ලංකාවේ රත්රන් නිෂ්පාදනය කිරීමේ පළමුවැන්නාය. මේ කතළු රාක්ෂයා (කතළු කුමරු* රාවණගේ ඥාතියෙකි. මොහුට කතළුවේ තිත්තගල ප‍්‍රදේශයේ විශාල රත්රන් නිෂ්පාදනාගාරයක් තිබිණි.
රාවණ රජුගේ නාවුක හමුදාවට අයත් ප‍්‍රධාන වරායක් කතළුව ප‍්‍රදේශයේ තිබුණු බව කියැවේ. එම වරායේ රාවණට අයත් නැව් ඇතුළු මුහුදු යාත‍්‍රා සිය ගණන් නවතා තිබූ බව සඳහන්වේ. එකල රාජකීයයන් හා යක්ෂ ගෝති‍්‍රකයන් රට රටවල යාමට කතළුවේ වරායෙන් මුහුදු බට බව විශ්වාස කළ හැකිය. එහෙත් පසු කාලයක කතළුව වරාය දැවැන්ත මුහුදු ඛාදනයකට නතු වන්නට ඇතැයි සැක කෙරේ.
කතළු කුමාරයා සහ යක්ෂ ගෝති‍්‍රකයන් සබ්මැරීන නිපද වූ බව රාවණ කතා පුවතේ සඳහන් වන්නකි. විදේශයකින් දැවැන්ත සතුරු ආක‍්‍රමණයක් පැමිණියහොත් සතුරු නාවුක යාත‍්‍රා සබ්මැරීනවලින්ම ගොස් මුහුදේදී විනාශ කිරීමේ හැකියාවක් එදා පැවතිණි. නමුත් රාම රාවණා යුද්ධයේදී සබ්මැරීනවලින් යමක් කළ බව වැඩිදුර සඳහන් නොවේ.
රත්රන් නිෂ්පාදනයට දක්ෂ කතළු කුමාරයා රත්රන්වලින් අගනා සබ්මැරීනයක් නිර්මාණය කළේය. එය රාම යුද්ධයේදී කතළු වරායේ නැංගුරම්ලා තිබුණා හැර පාවිච්චියට ගත්තේ නැත. නමුත් මුහුදු ඛාදනයේදී මේ සබ්මැරීනය ගල්පර අතර සිරවිය.
රාවණ ග‍්‍රන්ථයේ සඳහන් වන පරිදි ඉහත සබ්මැරීනය නිපදවා ඇත්තේ ලංකාවේම නිෂ්පාදිත රත්රන් වලිනි. කතළු කුමාරයා විසින් සොයා ගන්නා ලද කිසියම් බෙහෙත් වට්ටෝරුවක් සංයෝගයෙන් මේ රත්රන් නිෂ්පාදනය කළ බව කියැවේ. ඒ අනුව කතළු කුමාරයා විසින් ”රන්” මහ පොළොවෙන් ගොඩ ගත්තා නොව විශේෂ ශිල්පීය ක‍්‍රමයක් ඔස්සේම ගොස් නිපදවා ගත්තකි.
ආචාර්ය මිරැුන්ඩෝ කියන පරිදි මේ රත්රන් නිෂ්පාදනයට කිරිමැටි පවා එකතුකොට තිබේ.
ලෝක ප‍්‍රකට මයික් විල්සන් මහතා ලංකාවේ දකුණු දිග මුහුදේ කරන ලද පර්යේෂණයකදී කතළුව ප‍්‍රදේශයේ මුහුද යට ගල් පරවලට සිරවූ සබ්මැරීනය දැක ඇත.
මයික් විල්සන් යනු එංගලන්ත ජාතිකයෙකි. පසුව කිමිදුම් ක්ෂේත‍්‍රයෙන් පරතෙරට ගොස් මහ සයුර යට ඉතිහාසය හා විවිධත්වය සොයා පර්යේෂණ කළ අයෙකි. ඔහු ලංකාවේ දීර්ඝ කාලයක් ගත කළෙත් මෙරට මුහුදු සීමාවේ අගනා සොයා ගැනීම් රාශියක් කරමින් පසුගිය සියවසට නව මත ඉදිරිපත් කළ විශේෂඥයෙකි.
කතළුවේ පොළොව යට ඇති සබ්මැරීනය ගැන තොරතුරු මයික් විල්සන් මහතා ආචාර්ය මිරැුන්ඩෝට පවසා ඇත්තේ 1960 මාර්තු 31 දාය. මේ සබ්මැරීනය අසළදී දැවැන්ත මකරකු ස්වරූපයේ පක්ෂියකු දුටු බව ද හෙතෙම පවසා තිබේ. රාවණා යුගයට ”මකරා” ගේ සම්බන්ධයක් ඇත්දැයි සමහරු විශ්වාස කරති.
නමුත් මකරා ලංකාවේ ඉතිහාසයට කොහෙත්ම සම්බන්ධ නැත. චීන ඉතිහාසයට සම්බන්ධ කලාත්මක සත්වයෙකි. රාවණ යුගයට අයත් යැයි මකර රූපයක් කෙනෙක් ඉදිරිපත් කරනවා නම් එක්කෝ එය රාවණගේ චීන සබඳතා වඩා ඔපවත් කරන කාරණයක් බව මිරැුන්ඩෝ ඔබේසේකර මහතා විශ්වාස කරයි. එයට හේතුව චීනයේ ”මාහෝ” කුමරු පවා ලංකාවේ සංචාරය කොට පැවැත්වූ අගනා රාජතාන්ති‍්‍රක සම්බන්ධතා නිසාවෙනි.
කෙසේ වෙතත් මයික් විල්සන් මහතා කතළුව යට දැවැන්ත මුහුදු සීමාවේ දුටුවේ රාවණගේ රත්රන් සබ්මැරීනයයි. රාවණ රජතුමා ලංකාවේ වැඩි වශයෙන් සංචාරය කරන්නේ අමාවක දා රාති‍්‍රයේය. දැනුදු එතුමා තම ජන්ම ලාභය ලැබූ දක්ෂිණ ලංකාවේ රාජ ග‍්‍රාමයේ යක්විල රෙජ්ජිපුරට පැමිණෙන්නේය. එසේ පැමිණ එදා කේෂිණීගේ මාළිගය තිබූ භූමියේ සැරිසරන්නේය.
රාවණට ප‍්‍රථමයෙන් එතුමාගේ ආරක්ෂාවට සිටින ප‍්‍රබල ආරක්ෂකයන් සත් දෙනාගේ අමනුෂ්‍ය ආත්ම එතැනට පැමිණෙයි. අදත් රෙජ්ජිපුර රාවණ පැමිණෙන මොහොතේ එහි සිටින කවරකුට වුව හදිසි අන්තරාවලට මුහුණ දීමේ ඉඩක්
තිබේ. විශේෂයෙන් රාවණගේ ආරක්ෂක අමනුෂ්‍ය ආත්ම හතෙන් එම කරදරය හිමිවන බව ආචාර්ය මිරැුන්ඩෝ කියති.
රාවණගේ පැමිණීමත් සමග රාජ ග‍්‍රාමයේ වාසය කරන තිදෙනකුට රාවණගේ ආශිර්වාදය හිමිවේ. එය හදිසි ධන ලාභයක්, වස්තු ලාභයක් වැන්නක් විය හැකිය.එතැනින් නැවත රාවණ රජතුමා සීනිගම දේවාල භූමියේ කිසියම් තැනකට යයි. එම ස්ථානය රාවණගේ මවු පාර්ශ්වයේ ආදි පුරුෂයා වන ”හේඩි” සිටි තැන ස්මාරකයයි.
මුහුදු ඛාදනය නිසා සයුරු ජලය රට අභ්‍යන්තරයට ඒම මත ”හේඩි” ස්මාරකය අද ගාලූ පාරේ සිට සැතපුම් හතක් මුහුදට වෙන්නට පිහිටා තිබේ. නමුත් මේ සැතපුම් හතම එදා ලංකාවේ ගොඩ බිම බව අමතක නොකළ යුතුය. රාවණගේ මවු පාර්ශ්ව ආදිතමයාගේ සොහොන් බිම පුරාණ යක්ෂ දේවාලයක් හැටියට සළකයි. පසුකලෙක හේතුමුණි බ‍්‍රාහ්මණ නම් වූයේ හේඩිගේ පරපුරහි කෙනෙක් බව ද රාවණ කතාවේ සඳහන්වේ.
දැනට සීනිගම දේවාලයේ පිදුමට හා පූජෝපහාරයට පාත‍්‍රවන දෙවොල් දෙවියන් ඉන්දියානුවෙක් යැයි සමහරුන් හඳුන්වනු ලැබේ. නමුත් සීනිගම දේවාලයේ වැඩ සිටින මේ දෙවොල් දෙවියන් පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයකු බව පුරාණ පුස්කොළ පොත්හි සඳහන්වේ.
මෙම දේවාලයේ ”පූනාව” සම්භාව්‍ය යක්ෂ ගෝති‍්‍රකයන්ගේ පූජා භාණ්ඩයක් බව ද අපැහැදිලි නොවන්නකි.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ සිටි තොටගමුව රාජමහා විහාරයද රාවණ යුගයේ ස්මරණීය තැනෙකි. එදා මෙහි යක්ෂ ගෝති‍්‍රක ප‍්‍රභූවරයකු වූ ”මහේජ” රාක්ෂයාගේ භවන පිහිටා තිබුණු තැනයි.
ඉහත කරුණු සංක්ෂිප්ත කොටගත් විට දකුණු පළාත් රාවණ අධිරාජ්‍ය ඉතා බලවත්ව පැවැති බව අවබෝධ කොටගත හැකිය. රාවණගේ ඥාති පරපුරේ විශාල පිරිසක් කතළුව, බළපිටිය, සීනිගම, රාජගාම, තොටගමුව ආදී ප‍්‍රදේශ කේන්ද්‍ර කොටගෙන සිට ඇත. ඊටත් වඩා යක්ෂ ගෝත‍්‍රයේ ප‍්‍රභූ පිරිස වන රාක්ෂයන්ගේ ඥාති පරම්පරා ජීවත්ව සිට ඇත්තේ දක්ෂිණ ලංකාවේය. එබැවින් රාවණගේ උපන් ගමද වන දකුණට අදත් රාවණ ආශිර්වාදය ඉහලින් හිමිවේ.
රාවණ දීර්ඝ නිද්‍රාවෙන් (සිහි මුර්ඡුාවෙන්) අවදිවූ පසු දක්ෂිණ ලංකාවට නිතර ගමන් කරයි. දකුණෙහි දියුණුව අපේක්ෂා කරයි. ඥාතීන් විසූ ප‍්‍රදේශවල සුඛිත මුදිත බව පතයි.
දකුණට ලැබෙන ශීඝ‍්‍ර දියුණුවට විටෙක රාවණ ආශිර්වාදය ද ඉහළින් හිමි බව විශ්වාස කළ හැකිය.