මහා බ්‍රිතාන්‍යය TNA සමඟ මඩකලපුවේ සංකච්ඡාවක

 මහා බ්‍රිතාන්‍යයේ උප මහා කොමසාරිස් ලෝරා ඩේවියන්ස් මහත්මිය හා දෙමළ ජාතික සංධානයේ (TNA) නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ(11) මඩකලපුවේදී පවත්වා තිබේ.
එම සාකච්ඡාවට ප්‍රධාන වශයෙන් බඳුන්වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලංකා රජයට සහතික වන්නැයි බ්‍රිතාන්‍ය රජය විසින් ලංකා රජයට දැන්ම්දෙන ලෙස එහිදී දෙමළ ජාතික සංධානය පවසා ඇත.
මීට අමතරව උප මහා කොමසාරිස් ලෝරා ඩේවියන්ස් මහත්මිය නැගෙනහිර පළාතේ සංචාරයකද නිරතවී ඇතැයි වාර්තා වේ.
එසේම මඩකලපුව  ප්‍රදේශයේ සිටින විවිධ රාජ්‍ය නිලධාරීන් සමඟද ඇය වෙන් වෙන් වශයෙන් සංකච්ඡා පවත්වා ඇත.

Comments