අදෘෂ්‍යමාන බලවේඟයක් මඟින් නිවසක බුදුමැදුර තුලට ධාතුන්වහන්සේලා අට නමක් වැඩම කරයි.
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ නිවසක බුදුමැදුර තුලට ධාතුන්වහන්සේලා අට නමක් වැඩම කර තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් ධාතුන් වහන්සේලා දැකබලා ගැනීමට එම නිවසට පැමිණෙමින් තිබේ.පසුගිය 06 වනදා ධාතුන් වහන්සේලා හතර නමක් වැඩ සිට ඇති අතර පසුව ප්‍රදේශයේ විහාරස්තානයේ විහාරදිපති හිමියන් එම ධාතුන් වහන්සේලා විහාරයට වැඩම කරවා ඇත.පසුව නැවත පොහොය දිනය හේතුවෙන් පුදපුජා පැවැත්වීමට දහවල් එම ස්ථානය බලන විට තවත් ධාතුන් වහන්සේලා සිව් නමක් වැඩ සිට ඇත.
මෙම සිදුවීම සම්බන්දයෙන් අදහස් දැක්වූ නිවසේ පදිංචි D .B සුමනාවතී මහත්මිය.
" මගේ පුතා නැතිවෙලා අවුරුදු 17 ක් විතර වෙනවා නමුත් මට ඒයාව නිතරම හීනෙන් පෙනි පෙනි තිබුණා.පසුගිය 05ස් වෙනිදා රෑ මට හීනෙන් පුතා ඇවිත් කිවුවා අම්මේ හෙට විශේෂ දෙයක් වෙනවා බුදු පහන ලග සුද්ද කරලා තියන්නයි කියල. මම ඒ විදියට කරලා සුපුරුදු පරිදි බුදු පහන තියලා එන්න හදනකොට මම දැක්කා පහන ලග මුතු කට වගේ කීපයක් තියෙනවා මම ඒ ගැන පන්සලේ හාමුදුරුවන්ට කිවූ වහාම හාමුදුරුවෝ ඇවිත් ඒ ධාතුන් වහන්සේලා බව කිව්වා.පස්සේ හාමුදුරුවෝ ඒ ධාතුන් වහන්සේලා පන්සලට වැඩම කරවාගෙන ගියා. පස්සේ මම දවල් පුජාව තියන්න ගෙදර බුදු මැදුර ළඟට ගියාම නැවතත් ධාතුන් වහන්සේලා වැඩමකර තියෙනවා මම දැක්කා"