ලාංකික කතකට ඩුබායිහිදී සිරදඬුවම්



ශ්‍රී ලාංකික කාන්තාවකට ඩුබායි අධිකරණයක් විසින් මාස 03 ක සිර දඬුවමක් නියම කර තිබේ. 

සොරකමක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව එල්ල වු චෝදනාවකට වරදකරු කරමින් ඩුබායි අධිකරණයක් මෙම දඬුවම නියම කර ඇති බව සඳහන්ය. 

ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බවට ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි. 

ඩිරාම් 50,000 ක වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් ඇය විසින් සොරාගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබු බව සඳහන් වෙයි. 

දඬුවම් නියම කිරීමේ දී ඩුබායි අපරාධ අධිකරණය තවදුරටත් නියම කර ඇත්තේ දඬුවම් කාලය නිමවීමෙන් අනතුරුව අදාළ කාන්තාව රටින් පිටුවහල් කරන ලෙසයි . 

තමරෝගී මව රැකබලා ගැනීම සඳහා මෙම ශ්‍රී ලාංකික කාන්තාව නිවසට ගෙන ආ බව නිවසේ හිමිකරු විසින් ප්‍රකාශ කර තිබේ. 

තමන් නිවසේ නොසිටි අවස්ථාවක මවගේ සහ තම දියණියගේ රන් භාණ්ඩ තොගයක් අදාළ කාන්තාව විසින් සොරා ගත් බවට නිවසේ හිමිකරු පැමිණිලි කර තිබු බව සඳහන්ය.