විවාහයෙන් පස්සේ මම රඟපාන්නේ නෑ - මේනකා පීරිස්.


ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා පීරිස් යුග දිවියට පිවිසෙන්නට සූදානම් වී සිටින බවට හිරු ගොසිප් අප මීට සති කීපයකට පෙර ඔබවෙත ගෙන ආවා. ඇයගේ අතගත් කුමාරයා වූයේ නෝර්වේහි ජීවත්වන සහකාර මහාචාර්යවරයෙක් වන අමර්. 

මේනකා සහ අමර්ගේ ආදරය පටන් අරන් තියෙන්නේ යෝජනාවක් මඟින්. ඒ වගේම අමර්ව මේනකාට හඳුන්වලා දීලා තියෙන්නෙත් එයාගේ අම්මා. මේනකාගේ මේ ආදර අන්දරයට තවම මාස 9යි. අමර් එක්ක කතාබහ කරලා මාසයකින් වගේ තමයි මේ දෙන්නාගේ විවාහය ගැන තීරණය අරන් තියෙන්නේ.
අමර් ඉන්නේ වෙන රටක නිසා මේ දෙන්නා කතාබහ කරලා තියෙන්නේ ස්කයිප් එකෙන්. හැබැයි මේනකා නම් දවස් 4ක් යනකම් වීඩියෝ ඔන් කරලා නෑ. මේනකා කියන විදියට එයා හොය හොය හිටියේ සිගරට්, අරක්කු බොන්නේ නැති හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ලූ‍. අමර් කියන්නෙත් ඒ වගේ කෙනෙක් නිසා තමයි මේනකා ඔහුට ගොඩක්ම කැමතිවෙලා තියෙන්නේ.

කොහොම වුනත් මේ හැමදේම කතා කලත් අමර් දැනගෙන ඉඳලා නෑ මේනකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක් කියන එක. මොකද අමර් වැඩිය ලංකාවේ හිටියේ නැති කෙනෙක්ලූ‍. මේනකා මේ ගැන අමර්ට කීව ගමන් ඔහු කියලා තියෙන්නේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා. ඇයත් ඒකට කැමති වෙලා. ඒ කියන්නේ මේනකා පීරිස් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් සමුගන්නවා. ඒ වගේම ඇය නොර්වේ රටේ පදිංචියටත් යන්න තමයිලූ‍ බලාපොරොත්තු වෙලා ඉන්නේ.

ඔය විදියට මේ දෙන්නාගේ ආදරය අන්දරය පටන් අරන් දවසක් නුවරඑළියේ යන්න පිටත්වුනාලූ‍. මේ දෙන්නා විතරක් නෙවෙයි මේනකාගේ අම්මත් ඔය ගමනට ලෑස්තිවෙලා. වාහනේ යනගමන් සුන්දර පරිසරයක් තියෙන නුවරඑළියේදි අමර් මේනකාට හරිම ආදරයෙන් කියලා තියෙනවා ‘‘රත්තරං, මං ඔයාට ගොඩාක් ආදරෙයි‘‘ කියලා. 

ඒ වගේ සුන්දර වචන ටිකක් කටින් පිටවුනු ගමන් මේනකා හරි අපූරු කතාවක් අමර්ට කියලා තියෙනවා. මේ ගැන හෙලිවුනේ පසුගිය සතියේ හිරු ටීවී තුලින් විකාශය වුනු වැඩසටහනේදී.. බලන්නකෝ එදා ඇත්තමට මොකද වුනේ කියලා...


Comments