සබරගමුවේ ප්‍රහාරය හෙලා දකිමින් රටපුරා උද්ඝෝෂණ





ඊයේ (10) රාත්‍රී 11ට පමණ මුහුණු ආවරණය කරගෙන පැමිණි ආණ්ඩුවේ මැරයින් පිරිසක් විසින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ඉල්ලීම් 3ක් මුල්කරගනිමින් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහයට පහරදෙනු ලැබිණි.
ශිෂ්‍යයින් සත්‍යග්‍රහයේ නිරත වූ අට්ටාලය ගිනි තබා කඩු සහ පොලු යොදා ගනිමින් ශිෂ්‍යයන් හට පහර දෙන තිබිණි.
මෙම පහරදීම හේතුවෙන් ශිෂ්‍යයින් 13දෙනෙකු රෝහල්ගත කල අතර 06 දෙනෙකු මේ වනවිටත් බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම පහරදීම ශිෂ්‍යයන් හා පඹහින්න ගමවාසීන්ද ඉලක්ක කර ගනිමින් සිදුකල අතර ගම්වාසී තරැණයින් දෙදෙනෙකුට, ත්‍රීරෝදරථයකට හා වෙළදසැලකටද පහරදී තිබේ.
ආණ්ඩුවේ ඒකාධිපති වියරැව විදහාදක්වමින්, සාමකාමීව සත්‍යග්‍රහයේ නිරත ශිෂ්‍යයන් හට පහරදීම හෙළා දකිමින් අද (11) දහවල් සියළුම විශ්වවිද්‍යාල ඉදිරිපිටදී විරෝධතා දැක්වීමේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරතවීමට සියළුම විශ්වවිද්‍යාල තීරණය කර තිබේ.
ඊයේ රාත්‍රියේ සිදුකළ මිලේච්ඡ ප්‍රහාරයේ ඡායාරූප