පාසල් ළමුන්ගේ ෆේස්බුක් රාත්‍රී සාදය වටලයි
තරුණ තරුණියන්ට මත්පෙති සහ ලොලිපොප්..
සියලූම දෙනා වයස අවුරුදු 20ට අඩු පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන්..
ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරයක් ලබාදෙමින් පාසල් ළමුන් ඉලක්ක කරගෙන නීතිවිරෝධී අන්දමින් ගල්කිස්ස මුහුදු තීරයේ පවත්වාගෙන ගිය රාත්‍රී සාද 2ක් බත්තරමුල්ල ප්‍රධාන සුරාබදු මූලස්ථානය සහ පාදුක්ක සුරාබදු ස්ථානය කළ මෙහෙයුමකදී වටලා ඇති බව ආරංචි මාර්ග පැවසී ය.
ඉකුත් සෙනසුරාදා රාති‍්‍රයේ ආරම්භ කර ඇති මෙම සාද දෙකින් එකක් ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩාංගණයේ පිටුපස ඇති වෙරළ තීරයේත්, ගල්කිස්ස දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේත් පවත්වා තිබේ. මෙම සාද දෙක සඳහා පැමිණ සිටි සියලූම දෙනා වයස අවුරුදු 20ට අඩු පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් වන අතර, ඔවුන් සියලූ දෙනාටම කොට කලිසම්වලින් සැරසී පැමිණෙන ලෙස ද සංවිධායකයන් දැනුම් දී ඇත.
මෙම සාද දෙක සංවිධාන කර ඇත්තේ මුහුදු වෙරළ ආසන්නයේ රාත්‍රී සාද පවත්වන සංවිධානාත්මක කල්ලියක පිරිසක් වන අතර, ඔවුන් පාසල් ළමුන් සඳහා ප්‍රවේශපත්‍රයක් අලෙවි කර ඇත්තේ රුපියල් 1500කට වන බව ද හෙළිව තිබේ. ඒ සඳහා ෆේස්බුක් ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් ප්‍රවේශපත් අලෙවි කර ඇති බව ද සාද දෙක සඳහා 2000කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් සහභාගි වී සිටි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රාත්‍රී සාද පැවැත්වෙන බවට සුරාබදු නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව උපාය දූතයන් කිහිපදෙනකු මෙම රාත්‍රී සාද සඳහා පිටත් කර යවා තිබේ. මෙහිදී දැකගත හැකිව ඇත්තේ මෙම සාද සඳහා පැමිණි තරුණ තරුණියන් මත්පෙති වර්ගයක් භාවිත කරන ආකාරයයි. ඉන් පසුව ඔවුන් සියලූදෙනාම මත් ගතියෙන් සිට ඇති අතර, එම මත් ගතිය ඇති කිරීම සඳහා සංවිධායක මණ්ඩලය විසින් අයිස් වතුර සහ විශේෂිත ලොලිපොප් වර්ගයක් පිළිගැන්වීමට සංවිධාන කර තිබූ බව ද හෙළිවී ඇත.
එසේම රාත්‍රී 10ට ආරම්භ කර ඇති සාදය රාත්‍රී 12න් පසුවත් නොකඩවා කිසිදු බිය සැකයකින් තොරව පවත්වාගෙන ගොස් තිබේ. මෙයට මත්පැන් මිලදී ගැනීම සඳහා ද වෙනම සංවිධානාත්මක පිරිසක් සිටි අතර ඔවුන් විදේශීය මත්පැන් සහ දේශීය මත්පැන් මෝටර් රථවලින් ගෙනැවිත් අලෙවි කර ඇත. එහිදී දේශීය මත්පැන් බෝතලයක් අලෙවි වී ඇති අඩුම මිල රු. 3000ක් බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම සාදය සංවිධානය කළ පිරිසට මත්පැන් ලබාදීම සඳහා කිසිදු බලපත්‍රක් නොමැති බව ද පරීක්ෂණවලින් හෙළිව ඇත.
මෙම වැටලීමේදී මෙම සාද සංවිධාන කළ ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (10) දිනයේදී ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සාදයට ගෙනැවිත් තිබූ මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇති බව ද වාර්තා වේ.
සහකාර සුරාබදු කොමසාරිස් බටහිර පළාත ඩී.ඒ. දයාරත්න මහතාට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරාබදු මූලස්ථානයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.ඒ. හේමන්ත, පාදුක්ක ප්‍රධාන සුරාබදු පරීක්ෂක සුමිත් චන්ද්‍රකුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක ඇතුළු පිරිස වැටලීම කර තිබේ.
පසිඳු සමරවීර