පාරට කුණු දැමීම නවතන තුරු පොල් ගහ උඩ


කුණු මතින් ගමන් කිරීම නිසා ගර්භනී බිරිද ලිස්සා වැටී තුවාල වෙලා”

තම නිවසට යන අතුරු මාර්ගය කුණු රොඩු හා රොන් මඩ සහිත පස් යොදා අසල්වැසියෙකු අවහිර කරන බව පවසමින් තඹුත්තේගම රාජාංගනය” යාය හතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඊයේ පෙරවරුවේ අඩි 40ක් පමණ උස පොල් ගසක මුදුනට නැගී විරෝධතාවක නිරත විය’ 

පෙරේදා දහවල් කුලී වැඩට ගොස් පැමිණිමෙන් අනතුරුව පොල් ගසකට නැග මෙසේ විරෝධතාවයෙහි නිරත වූයේ තුඩුවගේ අනුරාධ මධුසංඛ නමැති 31 හැවරිදි එක්දරු පියෙකි’ තඹූත්තේගම රාජාංගනය යාය හතර ප්‍රධාන මාර්ගයේ සිට තම නිවසට ගමන් කරන අතුරු මාර්ගය තම නිවස ඉදිරිපිට පිහිටි නිවසේ හිමිකරු විසින් මඩ සහිත පස් ආදී අපද්‍රව්‍ය යොදා විනාශ කරන බව කියමින් ඔහු විරෝධතාවයේ නිරත වූහ’


දරුවෙකු ලැබීමට සිටින තම බිරිදත් සමගින් මෙම මාර්ගයේ ගමන් කළ බවත්” මාර්ගයට කුණු රොඩු හා මඩ දමා තිබීම නිසා ගර්භනී බිරිද ලිස්සා වැටී තුවාල වූ බව පැවසුවේය’ ඒ අවස්ථාවේ තමන් දැඩි කෝපයෙන් පිහියක්ද රැගෙන අසල්වැසි නිවසේ වෙසෙන උදයානන්ද යන අයට කෙටීමට පැමිණියත් දරුවෙක් සිටින නිසා තම හැගීම් පාලනය කරගෙන සාමකාමීව විරෝධතාවක් දැක්වීමට කටයුතු කල බව පැවසුවේය’ 

මා හට සාධාරණයක් ඉටු වන තුරු පොල් ගසෙන් නොබසින බව පැවසූ ඔහු කියා සිටියේ තමා කුඩා අවධීයේ සිට ගමන් කළ මෙම මාර්ගය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කිසිවෙකුටත් කිසිසේත් තමා ඉඩ නොදෙන බවයි’ 

මේ සම්බන්ධයෙන් ප්‍රදේශීය ලේකම්වරයා” දිසාපතිවරයාද දැනුවත් කර ඇති බවද ඔහු පැවසුවේය’