සමන්" යයි පවසමින් ඇමති මහින්දානන්ද අලුත්ගමගෙට අපහස කල වෙස් වලාගත් ඇමති


පෙරේදා (03) රාත්‍රියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘වාද පිටිය’ සජීවී දේශපාලන සංවාදමය වැඩසටහන අතරතුර මාතර (Matara) - සුනිල් යන නමින් පෙනී සිටිමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ (Mahindananda Aluthgamage) මහතා අපහසුතාවට ලක්වන අයුරින් පෞද්ගලික හේතු ගෙනහැර පා අපහාසාත්මක චෝදනා කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක (Ranjan Ramanayake)මහතා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අනාවරණය වී තිබේ.

කටහඬ වෙනස් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ (Mahindananda Aluthgamage) ඇමැතිවරයා අපහසුතාවට පත්වන අයුරින් රන්ජන් රාමනායක (Ranjan Ramanayake)මහතා තමන්ගේ පෞද්ගලික ජංගම දුරකථන 071*7**8** අංකයෙන් මාදිවෙල සිට දෙරණ නාළිකාවට 0115337262 අංකයට රාත්‍රී 11.30ට පමණ කතා කර ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. 


ඉහත ජංගම දුරකථනය රන්ජන් රාමනායක (Ranjan Ramanayake)මහතාගේම වන අතර එහි අයිතිකරු පදිංචිව සිටින ලිපිනය කෝට්ටේ, මාදිවෙල, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවාස අංක 4ච් බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. 


මාතර (Matara)-සුනිල් නමින් දෙරණ නාළිකාවේ සජීවී විකාශය හා සම්බන්ධ වූ රාමනායක මහතා කළ ප්‍රකාශයන් හමුවේ උරණ වූ මහින්දානන්ද අලුත්ගමගේ (Mahindananda Aluthgamage) ඇමැතිවරයා තමන්ට මඩ ගසන්නට දරන උත්සාහය නොවැළැක්වීම පිළිබඳව එම නාළිකාවටද දෝෂාරෝපණය කළේය. 


එම දෝෂාරෝපණයෙන් පසුව රජයක් ලෙස මෙම නාළිකාව හා මින් ඉදිරියට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කරමින් ඉවත්ව ගිය ඇමැතිවරයා එදින රාත්‍රී 12.30ට පමණ මිරිහාන ‍පොලිස් ස්ථානයට ගොස් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල පිළිබඳව මේ වන විට ‍පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිබේ. 


ඊට අමතරව ඊයේ (04) උදෑසන රජයේ වගකිවයුතු ඇමැතිවරයකු වන තමන් දැඩි අපහසුතාවකට ලක්වන අපහාසාත්මකව දුරකථන මගින් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අලුත්ගමගේ ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කළ පැමිණිල්ලට අදාළව මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවද තතු දත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 


පෙරේදා රාත්‍රියේ පැවැති මෙම සජීවී සංවාදයට අලුත්ගමගේ ඇමැතිවරයා සමග එජනිස නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ *Doctor Ramesh Pathirana), එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා (Ajith Perera) හා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති (Sunil Hadunneththi) (Sunil Hadunneththi) මහත්වරු එක්ව සිටි අතර එම සංවාදය මෙහෙයවන ලද්දේ දෙරණ නාළිකාවේ චතුර අල්විස් (Chathura Alvis) විසිනි.


Comments