යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව-විඩියෝ සහිතයි
යුරේනි නොෂිකා කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් කථාබහට ලක්වූ තරුණ නිළියක්. නිළියක් ලෙස මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් ලෙස ඇය රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය තුල පුවත් මවන්නියක් ලෙසත් ඇය හැඳින්වුනා. මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැනයි. ඇය පසුගිය දවසක තමන්ගේම කියලා ගීතයක් එළිදැක්වූවා. ඒ ගීතයත් එහි මියුසික් වීඩියෝවෙනුත් කියැවෙන්නේ තරුණයකෙුගේ ආදරයට මුලදී ප්‍රතික්ශේප කරන, අපේ භාෂාවෙන් කියනවානම් ගණන් උස්සන තරුණියක් ගැනයි.
හැබැයි අපිටනම් දැනගන්න ලැබුනේ මේ ගීතයෙන් කියවෙන්නේ යුරේනිගේම ආදර කතාව බවයි. ඒ කියන්නේ ඇය මුලදී ඇයගේ ආදරය දිනාගත් තරුණයාගේ ආදරය ප්‍රතික්ශේප කරමින් ගෑස් දැම්මත් පස්සේ දෙන්නා යාළු වෙලා. ඒවගේම ඇය නුදුරේදීම ඒ තරුණයා සමග විවාහ ගිවිස ගන්නටත් නියමිත බවයි අපට නම් දැනගන්න ලැබුනේ. කෙසේ නමුත් තවම ඒ තරුණය කවුද කියන එකනම් රහසක්.
Comments