හිරේ දැම්මත් නොනවතින ඉන්දියාවේ ණසිි විරෝධය



ප‍්‍රසිද්ධියේ සිප වැළඳ ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට උත්සහ කළ පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එරට මාධ්‍ය වාර්තා අනාවරණ කළේ කොචින් හි කෝචී වෙරළ තීරයේදී මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබූ බවයි.

කෝචි ප‍්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හල් සියල්ල ඉකුත්දා හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණා. ඊට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිඛෙනවා. ඊට සම්බන්ධ වූ පුද්ගලයින් පනස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා පූර්ව ප‍්‍රචාරයක් ලබාදෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා පිරිස් එක්රැස් කරගෙන ඇති බවයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.