ජනපති වෙනුවෙන් නවීකරණය කරන සුඛෝපභෝගී ගුවන් යානයේ ඇත්ත නැත්ත

ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහා විශේෂ පහසුකම් සහිත ගුවන් යානයක් නිපදවා ගැනීම සදහා ප්‍රංශය මුලස්ථානය කරගත් එයාර් බස්​ ​කෝපරේට් ජෙට් සෙන්ටර්​ ​ආයතනය සමග කටයුතු කරමින් සිටින බව​ ​වාර්තා වේ. 

ශ්‍රී ලංකාව A330 – 300​ ​වර්ගයේ ගුවන් යානා හයකුත් A 350 – 900 වර්ගයේ ​ගු​වන් යානා හතරකුත් ඇණවුම්කොට ඇතිඅතර ඉන් එක් ගුවන් යානයක් මේවනවිටත් ලංකාව වෙත ලැබී තිබේ. 

ඉතිරි ගුවන් යානා නවය දෙසැම්බර් මසදී ලැබීමට නියමිත වේ. මින් එක් ගුවන් යානයකට මෙම නවීකරණ කටයුත්ත සිදුකිරීමට නියමිතවේ.  මෙම නවීකරණ කටයුත්ත හඳුන්වනු ලබන්නේ ​"​VIP CONVERSION KIT" යනුවෙනි​. 

මෙම කිට් එක පැය අටක් වැනි කාලයක් තුල සවිකරවාගත හැකි අතර එයට ඩොලර් මිලියන පහක් හෝ හයක් වැනි මුදලක් වැය වේ. ලොව ඇති සුඛෝපබෝගී ගුවන් යානා දෙස බැලු කල "​VIP CONVERSION KIT"​ යනු මිල අඩු විසඳුමකි. ​ 

මෙම VIP කිට් එකට VIP ආසන දෙකකුත් තවත් ආසන හතරකුත් අඩංගු වේ. ලෙදර් වලින් නිමවූ පුටු කවර, ලොම් සහිත කාපට්, අනර්ඝ දොර රෙදි වලින් ගුවන් යානය තුල පෞද්ගලිකත්වය රැකෙන උණුසුම් වටපිටාවක් සකස්කරනු ලබයි.