රත්නපුරේ කක්කුස්සි වත්තේ කාන්ති හමුවුනෙමි .


වීඩියෝ එකේ දැක්කනේ එයා කියනවා ''මම පාරේ තමයි ඉන්න , දරුවන්ට කන්න දෙන්න කීයක් හරි හොයා ගන්න එකෙන්'' කියල.

එතකොට ඒක තමයි දැන් එයාගෙ රස්සාව.ඒක මුළු රත්නපුරේම දැනන් හිටියා,දැන් මුළු රටම දන්නවා.

 

නමුත් දැන් මම කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් නොදන්නා කතාවක්.ඒ වගේම ගොඩක් දෙනෙකුට හිතාගන්නත් අමාරු කතාවක්..

බට්ටිගේ සැමියා ලමයි දෙන්නෙක් එක්ක බට්ටිව දාල ගියාට පස්සෙ තමයි මේ අලුත් රස්සාව කරන්න උනේ.නමුත් ඉන් පස්සෙ බට්ටිට දෙවැනි සැමියෙක් ඉන්නවා .එයාගේ බාසාවෙන් කියනව නම් ''දැන් මාව තියන් ඉන්න '' මිනිහෙක් ඉන්නවා.බට්ටි එක්ක කතා කරලා එන්න ලෑස්ති වෙලා මම කිව්වා තව මොනවා හරි තියෙනවනම් අපි phone එකෙන් කතාකරමු, මට number එක දෙන්න කියලා.

''අනේ මට phone එකක් නම් නැහැ''

''ඇයි ඒ'' මම ඇහුවා. ''phone එකක් ඔනමයි නේ ද ඔය රස්සාවට ''

''එකනම් ඇත්ත,එත් 'අපේ මිනිහ' මට phone තියාගන්න දෙන්නේ නැහැ.

''ඇයි ඒ'' මම නැවත ඇහුව.

''එයාට මාව සැකයි''

''සැකයි!'' ''මොනවටද සැක ?''

''එයා හිතනවා phone තියෙනකොට කොල්ලො කථා කරයි,sms එවයි ,මා එක්ක යාළු වෙන්න හදයි කියලා.එයා මම ගැන හෙවිල්ලෙන් ඉන්නේ'' !!

(අබිසරු ලියක් වුවද ඒ ඔහුගේ පෙම්වතියයි .''සැකයි!'' ''මොනවටද සැක ?'' යනුවෙන් මා ඇසූ පැනය පිලිබඳ මම සියක් වාරයක් පසු තැවෙමි.මිනිස්සු එක්ක සල්ලි වලට පාරේ නිදා ගන්න ගෑණිගෙ මොනවා සැක කරන්නද?මොනවා හොයන්නද? මා තුල තිබූ මනෝභාවය එය නොවේද ?

ඇයට පහරදුන් පොලිස් නිලධාරියා හා ඒ ප්‍රශ්නය ඇසූ මා අතර වෙනසක් නැතැයි මම සිතමි.)


උපුටාගැනීම සිත් ටීවී

 

Comments