ජාතියම නිහඬ මරණයකට පත් කරන සැලසුමක්..wHo වකුගඩු රෝග වාර්තාවේ ආසනික් සගවති.
ශ්‍රී ලංකා රජයේ මුදල් රු.මිලියන 70 වැය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ සිදු කල පර්යේෂණයේ අවසන් ප්‍රතිපල එලි දැක්වූ විද්‍යාත්මක ප්රකාශනයේ දී ඔවුන් ලබා ගත් ප්‍රතිපල සගවා සහ වෙනස් කර අර්ථ නිරූපනය කර ඇති බව එකී ප්රකාශනය පල කල BMC Nephrology සගරාවේ ම අලුත්ම කලාපයේ පෙන්වා දී ඇත.
වෛද්‍ය චන්න ජයසුමන,වෛද්‍ය රනිල් ගජනායක සහ මහාචාර්ය සිසිර සිරිබද්දන යන පිරිස මේ බව පෙන්වා දී ඇත.
තවද වකුගඩු රෝගයට ආසනික් හේතු විය හැකි බව මුල් වරට වෛද්‍ය ජයසුමන මහතා ලෝක සෞඛ්‍ය සංවිධාන කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දුන්න ද ඒ පිලිබදව කිසිදු සදහනක් අවසන් පර්යේෂණ පත්‍රිකාවේ නැති බව ද නවතම ප්රකාශනයෙන් දක්වා ඇත.
කෘෂි රසායන මාෆියාවෙන් එල්ල වූ බලපෑම හමුවේ ආසනික් සහ පලිබෝධනාශක පිලිබඳ ලැබී ඇති ප්‍රතිපල සිතා මතාම යටපත් කර ඇති බව මෙහිදී පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් එම කරුන තමන් ප්‍රතික්ෂේප කරන බව මුල් පර්යේෂණය මෙහෙය වූ ස්විට්සර්ලන්තයේ වෙසෙන වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් මහත්මිය පවසා ඇත.
මුල් පර්යේෂණ පත්‍රිකාව පලවී වසරකට පසු මෙම කරුණු එම සගරාවේම පලවීම විශේෂත්වයකි.
Comments