පාසල් ගුරුවරියගේ 

සිරුරට පෙම් බැඳි සිසුවා අධිකරණයට

නුගේගොඩ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක රූමත් ගුරුවරියකට ෆේස් බුක් ඔස්සේ නිර්නාමිකව ආලවන්තකම් පාන්නට ගිය සිසුවෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළා. මෙම සිසුවා එම ගුරුවරිය යටතේ අධ්‍යාපනය හදාරමින් සිටින 14 හැවිරිදි බාලවයස්කාර අයෙකි. ඔහු පාසලේ ඉගැනුම් අතරතුර ගුරුවරියගේ සිරුර දෙස දෑස් විදහාගෙන බලාසිටින ඇයට වශීවූ අයෙකි. කිසියම් කැමරා උපකරණයක් භාවිත කරමින් ඔහු වරින්වර ගුරුවරියගේ ඡායාරූප ඇයට හොරෙන් ලබාගෙන තිබුණ අතර ඒවා නිවසට රැගෙන ගොස් පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් සංස්කරණයට ලක්කර ඇගේ මුහුණ කොටස වෙන්කර එයට නිරුවත් කාන්තාවන්ගේ ඡායාරූප ඈඳමින් විකෘතිකර තෘප්තියක් ලබාගෙන තිබුණා. ටික දිනක් යනවිට මෙම සිසුවාට අදහසක් පහළවී ඇත්තේ ගුරුවරිය හා අනියම් ඇසුරක් පවත්වා ගන්නටය. පාසලේදී ගුරුවරියට වශීවී සිටියත් ඇය හා ඇසුරක් ඇතිකරගන්නට තරම් ඔහුට ශක්තියක් නොවිණි. ඔහු ඒ සඳහා යොදාගත් උපක්‍රමය වූයේ අන්තර්ජාල ෆේස් බුක් සම්බන්ධයකි. 'ප්‍රනාන්දු'  යන අන්වර්ථ නාමයකින් ෆේස්බුක් ගිණුමක් අලූතින් නිර්මාණය කළ ඔහු වැඩිහිටි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි අතර ගුරුවරියගේ නමට තිබුණ ෆේස් බුක් ගිණුමට පණිවිඩ යවමින් ඇය හා මිතුරු වන්නට උත්සාහ කළා. මේ අතරවාරයේ ඔහු යැවූ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කිසිවක් ගුරුවරිය අනුමත කර නොතිබූ නිසා ඔහු ගුරුවරියට පණිවිඩයක් යවමින් දන්වා සිටියේ තමාට ගුරුවරිය ඇමතීමට අවශ්‍ය බවත් ඒ සඳහා දුරකථන අංකය එවන ලෙසත්ය. ගුරුවරිය එයටද ප්‍රතිචාර නොදැක්වූ අතර ඒ අවස්ථාවේ ප්‍රනාන්දු ගුරුවරියට තර්ජනය කරමින් දන්වා සිටියේ තමාට දුරකථන අංකය නොඑවන්නේ නම් තමා සතුව තිඛෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ කරන බව කියමිනි. මේ අන්තර්ජාල කරදරකාරයා ගැන ගුරුවරිය පුදුමයට පත්ව සිටි අතර ප්‍රනාන්දු යනු කවුදැයි නොදන්නා නිසා සිදුවන දේ පමණක් බලා සිටියා. ටික දිනක් යනවිට මෙම කරදරකාරයාගේ අන්තර්ජාල පණිවිඩ තවතවත් වැඩිවූ අතර එක්දිනක උදෑසන ඇයට දැකගන්නට ලැඛෙන පරිදි ඔහු සිය ෆේස් බුක් ගිණුමෙහි ගුරුවරියගේ මුහුණට බද්ධ කළ නිරුවත් සිරුර සහිත ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණා. එය එම පාසලේ අනෙක් ගුරුවරියන්ටද දැකගතහැකි පරිදි ෂෙයාර් කර තිබුණා. තමාගේ ඡායාරූපයක් අනවසරයෙන් ලබාගෙන එය අයථා භාවිතයේ යොදවා තිබීම ගැන ගුරුවරිය පුදුමයට පත්වුණා. ඇය මේ ගැන දන්වන්නට පොලිසියට ගියේ ඉන් අනතුරුවයි. පොලිසිය උපදෙස් දුන්නේ මෙම ප්‍රනාන්දුගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකට අනුමැතිය දෙන ලෙසත් එයින් පසු ඔහුට දුරකථන අංකයක් යවන ලෙසත්ය. ඒ අනුව ඇය ක්‍රියා කළ අතර ඇය ඇගේ ඥාතී දියනියකගේ දුරකථන අංකයක් ප්‍රනාන්දුට යැවුවේ එම ඡායාරූපය ඉවත් කරන ලෙසද ඉල්ලමිනි. ඒ අවස්ථාවේ ඡායාරූපය ඉවත්කරගත් ප්‍රනාන්දු ඇයට සමීපවන අටියෙන් අවස්ථා කිහිපයකදීම ඇය දුන් දුරකථන අංකයට ඇමතුම් කරා. පොලිසිය එම අංක ඔස්සේ පරීක්ෂණ පවත්වා ප්‍රනාන්දු නමැත්තා අල්ලන්නට ගිය අතර පොලිසියද විස්මයට පත්කරමින් මේ සියල්ල සිදුකර තිබුනේ ගුරුවරිය උගන්වන පාසලේ 14 හැවිරිදි කොලූ ගැටයෙකි. ඔහු ගුරුවරියට වශීවී සිටි නිසා ඇය හා ඇසුරක් පවත්වන්නට තිබුණ ආසාවට මේ දේ කළ බව පොලිසියට කියා තිබුණා. සිද්ධිය විභාග කිරීමේදී සිසුවාගෙන් කරුණු අනාවරණය වූයේ එම විද්‍යාලයේ ගුරුවරියන් කීප දෙනකුටද ඔහු මින් පෙර මෙවන් අපහාස කර ඇති බවය. කරුණු විභාග කිරීමෙන් අනතුරුව බාල වයස්කාර සිසුවාට රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප නියම කළ අතර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද නියෝග කළා.




(මෙය පෙර දින පලවූ පුවතයි)

facebook වලින් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා!



 facebook වලින් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපයෆේස්බුක් වෙත මුදා හැරිය බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත.

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක් දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ.

ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ "ප්‍රනාන්දු" නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත.

තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී තිබේ. ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබේ. සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබේ.

Comments