වීඩියෝ බලාගෙන sex ඉගෙනගත්තොත් අනාගතේ අඳුරේ
ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලූ ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා.ලිංගික ඛෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා.
ශිෂ්ට සම්පන්න සමාජය පිළිගත් ලිංගිකත්වය යනු ස්වභාවික ලිංගික ක්‍රියාවලියයි. ලිංගික ක්‍රියාවලියේදී දෙදෙනාටම සතුටුවිය හැකි දෙදෙනාගේම කැමැත්ත ඇති ලිංගික එක්වීම මගින් උපරිම සතුටක් ලබාගත හැකි විය යුතුයි.නමුත් අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකදී මේ තත්ත්වය දක්නට ලැඛෙන්නේ නැහැ.බොහෝ දෙනෙක් ලිංගික එක්වීමේදී කාලය පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනී යනවා.
මේ නිසා මානසික පීඩාවන්ට පත්වූවන්ද දක්නට ලැඛෙනවා.
නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව ලිංගික ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ලෙස දක්වන්නේ උපරිම විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.
එහෙත් දෙදෙනාගේ රුචි අරුචිකම් මත සාර්ථක ලිංගික ක්‍රියාවලියකට ප්‍රථම සිදුවිය යුතු කරුණු කාරණා රැසක් සෞඛ්‍ය විද්‍යාත්මකව දැක්විය හැකියි.
මේ ක්‍රියාවලියේදී පෙර සූදානම ඉතාම වැදගත් වෙනවා.
මෙහිදී එකිනෙකාට දක්වන ආදරය, සෙනෙහස, හැඟීම් ප්‍රකාශ කිරීම, මානසික සබඳතාව, සිප ගැනීම්, කතාබහ සඳහා වැඩි කාලයක් ගත හැකි වෙනවා.
නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව උපරිම සතුට ලබාගැනීම සඳහා සෘජු ලිංගික කාලය වෙන්කෙරෙන්නේ විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.
කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ සෘජු ලිංගික ක්‍රියාවලියට මීට වඩා වැඩි කාලයක් ගතවන බවයි. එහි කිසිදු සත්‍යයක් නැහැ.
මේ නිසා ලිංගික ඛෙලහීනතාවය යැයි වැරදි වැටහීම නිසා ප්‍රතිකාර ගන්නට ගොස් රෝගී වූ අය පිළිබඳව අපට අසන්නට ලැඛෙනවා.
ලිංගික ජීවිතයේ පී‍්‍රතිය වැඩිකර ගැනීමට වැඩි කාලයක් ලබා දෙන බව පවසමින් විවිධ දැන්වීම් ප්‍රකාශ වෙනවා. මෙය ඉතාම මිත්‍යාවක්.
මේ නිසා බොහෝ දෙනෙක් මානසික ඇදවැටීම්වලට පවා ලක්වෙනවා.
අන්තර්ජාලය ඔස්සේ පෙන්වන ලිංගිකත්වය බොරු මවාපෑමක්.
එය ඉතාම අස්වාභාවික මවාපෑම් ලෙස දැක්විය හැකියි. මේවා දකින පිරිස මිත්‍යාවකට හසුවෙනවා.
මේවා දකින අය ඒවා අත්විඳින්නට යන්නේ සාමාන්‍ය ලිංගිකත්වය සඳහා මෙතරම් කාලයක් ගතවෙනවා කියා සිතාගෙනයි.
බොහෝ විට මේ කාරණා නිසා අඹු සැමි අඩදබර ඇතිවෙන අවස්ථා ද තිඛෙනවා. බොහෝ දෙනෙක් වෛද්‍ය උපදේශනය සඳහා යොමුවීමේදී දකින්නට ලැඛෙන්නේ මේ මිත්‍යාව නිසා ලිංගිකත්වය පිළිබඳව ඇතිවූ මානසික අසහනකාරී තත්ත්ව වලින් පෙළෙන බවයි.
එම මානසික තත්ත්වය නිසා ඔබට ස්වභාවයෙන්ම ලැබුණු සාමාන්‍ය ලිංගික ශක්තිය අඩාළ වීමේ අවදානමක්ද තිඛෙනවා. මොකද මේ හැම දේටම ඔබේ හිත බලපානවා. ඒ අනුව තමා ඔබේ ශරීරයේ හෝමෝන වැඩ කරන්නට පටන් ගන්නේ.
වැරදි ලිංගික හැඟීම් සහ උද්දිපනයන් උකහා දක්වන විවිධ චිත්‍රපට සහ වීඩියෝ බැලීමට ඔබ ඇබ්බැහි වෙලා නම් ඔබ ඉන්නේ අවදානමක.
බොහෝ දෙනා ලිංගික උත්තේජක ඖෂධ වැරදි ලෙස භාවිතා කරනවා.
තමන්ට රෝගී තත්ත්වයක් නැතිවත් මේ ඖෂධ භාවිතය ඉතාම හානිදායක වෙනවා.
බොහෝ දෙනෙකුට පවතින ලිංගික ගැටලූ කායික රෝගී තත්ත්ව නිසා ඇතිවෙන ඒවා නොවෙයි.
වැඩි කොටසකට, එදිනෙදා ජීවිතයේ ලිංගික ගැටලූ, මානසික සහ පාරිසරික හේතු නිසා ඇතිවෙනවා.
කලින් සඳහන් කල ආකාරයට ලිංගික දර්ශන නරඹන්නට පුරුදු වීම මගින් ඔබ නොදැනුවත්වම මේ තත්වයන්ට ගොදුරු වෙනවා.
මෙරට ජනගහනයෙන් 20% ක ප්‍රතිශතයක් පමණ ලිංගික කැමැත්තෙහි අස්වාභාවික තත්ත්ව සහ ලිංගික ක්‍රියාවලියට කැමැත්ත අඩුවීම වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන බව සොයා ගෙන තිඛෙනවා.
විශේෂයෙන්ම ලිංගික ක්‍රියාවලියට හිතේ තිඛෙන බිය, දෙදෙනාගේ කැමැත්තෙන් හෝ වැඩිහිටි කැමැත්තෙන් විවාහය සිදුවුවත් පසුකාලීනව නොගැලපීම් ගැන සිතීම, ස්වාමියාට හෝ බිරිඳට වඩා ආකර්ෂŒය අය (සිතට ගැලපෙන) පසුකාලීනව හමුවීම, ස්වාමි භාර්යාවන් අතර නිවැරදි සබඳතා නොමැතිවීම, යටි සිතේ ඇති අකමැත්ත, වැඩිහිටියන්ගේ බලපෑම මත විවාහ වීම, තමන්ට වඩාත් ගැළපෙනම කෙනා සමඟ විවාහ වීමට නොහැකි වීම, ලිංගිකව ලැබූ අමිහිරි අත්දැකීම් නිසාත් ලිංගික එක්වීම් අසාර්ථක වෙනවා.
එමෙන්ම ලිංගිකව එක්වීමේදී උවමනාවට වඩා ඒ සඳහා අවධානය යොමුකිරීම නිසාත් ලිංගික සතුට නොලැබී යන අවස්ථා තිඛෙනවා.
එවැනි අවස්ථාවලදීත් කායික ඛෙලහීනතා ලෙස වරදවා වටහා ගැනීම නිසා ලිංගික උත්තේජක ඖෂධ සොයා යන අවස්ථා දක්නට ලැඛෙනවා.
බොහෝ විට මෙවැනි තත්ත්වවලට පිළිතුරු ලෙස මානසික උපදේශනය ලබාදිය යුතුයි.
මෙවැනි තත්ත්වවලට ඖෂධමය ප්‍රතිකාර අඩුයි. ලිංගික ක්‍රියාවලියේදී ඇතිවෙන දුර්වලතාවයන්ට දරුවන් ලැබීමෙන් පසු පවුල්වල ඇතිවෙන තත්ත්වත් බලපානවා.
දරුවන් ලැබීමෙන් පසු ලිංගික එක්වීම වැරදි ක්‍රියාවක් ලෙස සමහර අය දකිනවා.
වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ලිංගික අප්රා‚කත්වයට හේතු වන්නේද ජීවිතයේ මුල් කාලයේ ලිංගික කටයුතු නිවැරදිව සිදු නොවීම බව පෙනී යනවා.
ජීවිතයේ මුල් කාලයේ වැරදි ලෙස ලිංගික උත්තේජක ලබාගැනීම නිසාත් වයස්ගත වීමේදී ගැටලූ ඇතිවෙනවා.
විශේෂයෙන් ක්ෂ‚කව ලිංගික තෘප්තිය ඇතිවීම (ක්ෂ‚ක මෝචනය) රෝගී තත්ත්වයක් නොවෙයි. එවැනි තත්ත්ව ඇතිවන්නේ ලිංගික ක්‍රියාවලියට උවමනාවට වඩා සිත යොමු කිරීම හේතුවෙනුයි.
මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්.
මේ සඳහා ද උපදේශනය මගින් ප්‍රතිකාර කළ හැකියි.
සමහර අය මේ සඳහා විවිධ ඖෂධ භාවිතාවට පෙළඹෙනවා. එය වැරදි ක්‍රියාවක් වෙනවා.
ලිංගික ගැටලූ සඳහා බලපාන රෝගී තත්ත්ව තිඛෙනවා.
එහිදී එම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබාගැනීමත්, රෝගී තත්ත්ව පාලනය කර ගැනීමත් මගින් ලිංගික දුබලතා මඟහරවා ගත හැකිවෙනවා.
Comments