නිල් චිත්‍රපට පෙන්නා ළමයින් අපයෝජනය කරන දොස්තර
මානසික විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව සැකකාර වෛද්‍යවරයාට වාසි වන පරිදි වෙනස් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක් බලපෑම් කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ඊයේ (27 දා) 'දිවයින'ට වාර්තා විය.
සැකකාර වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක් අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටිති.
රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. නිතර කිපෙන සුළු ගතියකින් යුක්ත දරුවා අනෙක් දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.
දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍යවරයා දින කිහිපයක්ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්කර ඇත.
දරුවාගේ හැසිරීමේ වෙනසක් දුටු දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන් විමසා පසුව වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.
දරුවා පරීක්ෂා කළ එම වෛද්‍යවරයා සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වහා ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන ලෙසටද ලිතව දැනුම් දී ඇත.
දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යළි මානසික වෛද්‍යවරයා වෙතද ළමා රෝහලේ මහාචාර්යවරියක් වෙතටද යොමුකර ඇත. එම වාර්තා සැලකිල්ලට භාජන කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඉන්පසු දැනට දින කිහිපයකට පෙර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොමැති අවස්ථාවක එහි පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ජංගම දුරකථනය ඔස්සේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඇමතුමක් දී ඇත.
දරුවා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස් කර දෙනවා නම් අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි බවත් එනිසා එම වාර්තාව වෙනස් කර දෙන ලෙසටත් එකී වෛද්‍යවරු දුරකථනය ඔස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බලපෑම් කර තිබේ.
එම ඉල්ලීම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසු මෙම වෛද්‍යවරු දෙදෙනා දරුවා පරීක්ෂා කළ මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි අනාවරණය විය.
අජිත් අලහකෝන්
Comments