විධායක බලය ඉවත් කළ වහාම දින 100 න් උතුරේ වෙනම රාජ්‍යයක් රහසිගත මෙහෙයුමක් 'බුද්ධි අංශ පරීක්ෂණ අරඹති'

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාත් සමගම පළාත් සභාවේ බලතල තමන් අතට ගන්නා ආකාරය පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටී. පළාත් සභාවල බලය යටත් වන්නේ විධායකයටය එබැවින් විධායකට අහෝසි කිරීමේ සබෑ වාසියක් වනු ඇත්තේ ඉඩම් පොලිස් වැනි වැඩි බලතල ඉල්ලා සිටින උතුරු පළාත් සභාවටය.

දැනටමත් දෙමළ සන්ධානය උතුරු පළාත් සභාව ගැන උනන්දුවක් දක්වන විදේශීය රටක් සහ දෙමළ ඩයස්පෝරාව සමඟ පළාත් සභාවට බලය ලබාගැනීමේ මූලික සාකච්ඡාවල නිරතවෙමින් සිටිති. පොදු අපේක්ෂකයාට දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා උතුරේද අනෙක් පළාත්වලද දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට
දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වේ.

ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් දින සියයක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර විධායක ජනාධිපති ධුරය අහෝසිකරන බව මුලින් ප්‍රකාශ කළත් මේවන විට ඒගැන කතා කිරීම නවතා දමා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාවට බව තොරතුරු අනාවරණය වී ඇත.

දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි බව මංගල සමරවීර මහතාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳ ඉතා ඉක්මනින් ප්‍රකාශයක් කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගියදා බී.බී.සී. සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳ පළ කළ අදහස් සම්බන්ධයෙන් විශාල පැහැදීමක් ඇති වූ බවට එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

Comments