සිසුන්ට පහර දුන් විදුහල්පති අත්අඩංගුවට.
මාතර - රොටුඹ විජයබා නවෝද්‍යා පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් දස දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා දිනයේ විද්‍යාලයේ ගුරුවරියකගේ මවගේ අවමඟුල් උත්සවයට සහභාගී වන ලෙස විදුහල්පතිවරයා සිසුන්ට දැනුම් දී තිබුණත්, ඇතැම් සිසුන්ට ඒ සඳහා සහභාගිවීමට හැකි වී නැහැ. මේ හේතුවෙන් ඊයේ (30) දිනයේ විදුහල්පතිවරයා වේවැලකින් තමන්ට පහරදුන් බවයි පහරකෑමට ලක්වු සිසුන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, විදුහල්පතිවරයා සිදුකළ මෙම පහරදීම නිසා ගෙළ ප්‍රදේශයට සිදුවු තුවාල හේතුවෙන් එක් සිසුවෙකු ඌරුබොක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. පාසලේ සිසුන්ගේ දෙමව්පියන්ද චෝදනා කරන්නේ විදුහල්පතිවරයාගේ කි‍්‍රයා කලාපය නොසුදුසු බවයි.