දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි.

උසස්වීම් සහ කොන්ත‍්‍රාත් පදනම මත සේවකයින් බඳවා ගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයකට ලිඛිත විසඳුම් නොලැබුණහොත් අද (05) මධ්‍යම රාත‍්‍රී 12 ට සියලූම දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති පියල් විජේසිරි හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප‍්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලූවලට අදාළ විසඳුම් අද පෙරවරුවේ ලිඛිතව ලබාදීමට පොරොන්දු වූ බවයි. එලෙස විසඳුම් නොලැබුණහොත් අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කරන බව ඔහු කියා සිටියා.

Comments